Header Ads

test

මලික් සමරවික‍්‍රම අතුරුදහන්.. බිලියන ගණනක වංචාවකට ඉක්මනින්ම ජම්පර්..


එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රබලයෙකු වූ හිටපු ඇමති මලික් සමරවික‍්‍රම මහතා මේ වන විට අතුරුදහන්ව සිටින බව එම පක්‍ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඔහුගේ ජංගම දුරකතනය නිතර ක‍්‍රියා විරහිත කර ඇති බවත් ක‍්‍රියාකාරී අවස්ථාවලදීද දුරකතනයට පිලිතුරු නොදෙන බවත් අරලිගහ මන්දිරයේදී එජාප මන්ත‍්‍රීවරුන් ප‍්‍රසිද්ධියේ චෝදනා කරති.
එජාපයට ඇතිව තිබෙන අර්බුදකාරී අවස්ථාවේදී ඔහුගේ මැදිහත්වීමක් නැති බවත් අඩුම තරමේ ඔහුගේ පුද්ගලික දේශපාලන ස්ථාවරය පවා පැහැදිලි නැති බවටත් චෝදනා එල්ල වෙමින් තිබේ.
ඇමති ධුරය දරද්දී නිතර ක‍්‍රියාකාරීව ප‍්‍රබල භූමිකාවක නියැළුණු ඔහුගේ මෙම නිහැඩියාව එජාපයේ සියල්ලන් තුල ඇති කර ඇත්තේ අප‍්‍රසාදයකි.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාවන්හි සදහන් වන්නේ හිටපු ඇමති මලික් සමරවික‍්‍රම ගිය රජයෙ සමයේ සිදු කලේ යයි චෝදනා එල්ල වන බිලියන ගණනක මුදළ වංචා චෝදනාවක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවයි.
45,113 Viewers

No comments