Header Ads

test

ජනපති පාර්ලිමේන්තුව විසුරුවීමට තීරණයක්.. නීති උපදේශකයින් හදිස්සියේ කැදවයි..


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විශාරධයන් කිහිප දෙනෙකුගෙන්ම උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට සීමා කර ඇති නමුත් මහ මැතිවරණයක් කැදවිය හැකි ආකාර කිහිපයක්ම ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
පිරිසක් පෙන්වා දී ඇත්තේ 19 වන සංශෝධනය නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ප‍්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් අවශ්‍ය දැයි ජනමත විචාරණයක් කැදවා මහජන මතය අනුව මහ මැතිවරණයක් කැදවිය හැකි බවත් තවත් පිරිසක් පෙන්වා දී ඇත.
27,098 Viewers

No comments