Header Ads

test

සෝභිත හිමි හැදු සාධාරන සමාජය අද ජනාධිපති විනාශ කරනවා.. මේ වෙන්නේ ජනාධිපතිගේම විනාශයයි..- සරත් විජේසූරිය


අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත හිමි විසින් ආරම්භ කරන ලද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විනාශ කිරීමට කටයුතු කරමින් සිටින්නේ යයි එම සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
ඔහු චෝදනා කරන්නේ 2015 ජනවාරි 08 වැනිදා 62 ලක්‍ෂයක ජනතාවට දුන් පොරොන්දුවලට පස්ස හරවා ජනාධිපතිවරයා කටයුතු කරද්දී තම ව්‍යාපාරය විසින් ඊට දැඩි විවේචන එල්ල කළ නිසා ජනාධිපතිවරයා විසින් විවිධ ක්‍රියාමාර්ග ශස්සේ සංවිධානය විනාශ කිරීමට ප‍්‍රයත්න දරන බවයි.
ජනාධිපතිවරයා අද වන විට තමාට අත දුන් බලවේග අතහරීමෙන් නොනැවතී ඒවා විනාශ කිරීමටද කටයුතු කරමින් සිටී ගැන කණගාටුවට පත් වන බවද ඔහු සදහන් කරයි.
මෙමගින් සැබෑ ලෙසම සිදු වන්නේ ජනාධිපතිවරයාගේම විනාශය යයිද ඔහු පෙන්වා දෙයි.
අද වන විට මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ තිදෙනාම අසාර්ථක නායකයන් යයි ජනතාව අතර තහවුරු වී ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
12,108 Viewers

No comments