Header Ads

test

ජොනී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි


සතොස ආයතනයේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණය විසින් තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත්කරමින් පැනවූ නියෝගය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පේසමක් අද ඉදිරිපත් කොට තිබේ.
අදාළ නඩුව සම්බන්ධයෙන් තම්න්ව ඇප මත මුදාහැර සිටියදී කුරුණෑගල මහාධිකරණය විසින් නඩු විභාගය ආරම්භයේදීම තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි පෙත්සම්කාර අභියාචක ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ ය.
කුරුණෑගල මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව තමන් අභියාචනාධිකරණයට මීට ඉහතදී පෙත්සමක් ඉදිරිපත් කළ ද එය ප‍්‍රතික්ෂේප කළ බව ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා සිය පෙත්සම මගින් දන්වා තිබේ.
අභියාචනාධිකරණය එලෙස ලබාදුන් තීන්දුව නීතිවිරෝධී බවට ප‍්‍රකාශයක් නිකුත් කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
17,864 Viewers

No comments