Header Ads

test

ඔව්... මේ තීන්දුවත් එක්ක සයිටම් නීත්‍යානුකුල වෙනවා - ඇමති රාජිත කියයි


සයිටම් ප‍්‍රශ්නය උඩුයටිකුරු කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය. සයිටම් හි පුද්ගලික වෛදය උපාධිය හැදෑරූ දිල්මි මල්කාන්ති සූරියාරච්චි ශිෂ්‍යාවට වෛද්‍ය වෘත්තියට පිවිසීම සඳහා ශී‍්‍ර ලලංකා වෛද්‍ය සභාවේ ලියාපදිලංචිය සඳහා කිසිදු නෛතික බාධාවක් නැතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව මගින් ප‍්‍රකාශයට පත් කරනු ලැබීය.
 
සිසුවිය විසින් කරන ලද ඉල්ලීම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඇයට අවස්ථාව අහිමිවීමෙන් සිදුවූ හානියට සහ පාඩුවට රුපියල් ලක්‍ෂයක මුදලක් වන්දි වශයෙන් ගෙවන ලෙස ශ‍්‍රී ලලංකා වෛද්‍ය සභාවට නියෝග කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරන ලද්දේ, එම සිසුවියගේ වාසියට අභියාචනාධිකරණය විසින් 2017 ජනවාරි 31 දා දෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ‍්‍රී ලලංකා වෛද්‍ය සභාව ගොනුකළ ඇපෑල පිළිබඳ තීන්දුව ලබා දෙමිනි.
 
අභියාචනාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළ අතර ඊට එරෙහිව ශ‍්‍රී ලලංකා වෛද්‍ය සභාව ගොනු කළ ඇපෑල ද නිෂ්ප‍්‍රභ කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන ලද තීන්දුවට අනුව ශ‍්‍රී ලලංකා වෛද්‍ය සභාවේ ලියාපදිලංචි වීම සඳහා සයිටම් ආයතනයේ සිසුන්ට අවස්ථාව උදා වනු ඇත. වෛද්‍ය සභා පනතේ 29 (2) වගන්තිය යටතේ තමන් ලබා ඇති සුදුසුකම් අනුව සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි හැදෑරූ සෙසු අයට ද ඒ සඳහා ඉල්ලූම් කිරීමේ අවස්ථාව උදාවී තිබේ.
 
මෙම තත්ත්වයත් සමග සයිටම් ආයතනයේ අනාගතය කෙසේ වනු ඇද්ද? ඊට එරෙහිව විරෝධය පෑ සටන් කරුවන්ගේ ඊළඟ පියවර කුමක්ද...? මේ පිළිිබඳව කතා බහ සඳහා ‘SL News Web’ සමග එක්වනුයේ සෞඛ්‍ය සහ පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය නවින් සොයිසා යන මහත්වරුන්ය.

 
ඔව්... මේ තීන්දුවත් එක්ක සයිටම් නීත්‍යානුකුල වෙනවා - ඇමති රාජිත කියයි
 
ප‍්‍රශ්නය - සයිටම් නඩු තීන්දුව හෙවත් සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියක් විසින් පවරන ලද නඩුවේ තීන්දුව අනුව, සයිටම් ආයතනයට යම් නෛතික තත්ත්වයක් ලැබී ඇතැයි සමහරු පවසනවා. මේ නඩු තීන්දුවෙන් ජනිත වන ප‍්‍රතිඵල පිළිිබඳව ඔබේ අදහස කුමක්ද...?
 
පිළිතුර - මේ නඩු තීන්දුවෙන් ලබා දුන්න ස්ථාවරයේ තමයි අපි හිටියේ... මෙය අභියාචනාධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවේ ඉතා පැහැදිලිව විග‍්‍රහ කර තිබුණා. මේ පිළිිබඳව මමත් එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂමන් කිරිඇල්ල මහතාත් සිටියා. අපි මේ පිළිබඳව කරන ලද හැදෑරීමෙන් පසු කුමක්ද නිවැරදි, කුමක්ද වැරදි, යන්න පැහැදිලිව පිළිගත්තා. ඒ නිවැරදි බව කොපමණ කටෝරද, කොච්චර දුරට සමහර කාණ්ඩ වලට ගෝචර ද යන්න සලකා බලනවා වෙනුවට, අපි හිටියේ සත්‍ය මත පිහිටලා. සමහර වෙලාවට සත්‍ය අවබෝධ වෙන්න කාලයක් යනවා. මේ රටේ හැමදෙයම එහෙමයි. මේ රටේ එදා මෙදා සිද්ධ වුණු හැම සලංවර්ධනයකටම, මුලදී සියලූදෙනා විරුද්ධ වුණා. එදා ඒ විරුද්ධ වූ දේ අද සමාජය හිස මුදුනින් පිළිගන්නවා. සයිටම් ප‍්‍රශ්නයත් ඒ හා සමානයි. මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක්... ශ‍්‍රී ලලංකාවේ උසස් අධ්‍යාපනය පිළිිබඳව වෛද්‍ය අධ්‍යාපනය පිළිිබඳව ලබා දුන් වැදගත් තීන්දුවක්. මේ තීන්දුව මුලින් ලබා දුන් අභියාචනයේ සියලූ විනිසුරුවන් වැරදියි... ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් වැරදියි කියලා දැන් කියන්න පුලූවන්...? මේ අයට අනුව නිවැරදි වන්නේ ගමේ ඉන්න ගොඩ පෙරකදෝරුවෝ තමයි. දොස්තරලා ඉන්න ඕනේ දොස්තරකම කරන්න... ජනප‍්‍රිය සටන් පාඨ මත ඉඳලා ඔහේ දුවන්න පුළුවන්, හැබැයි ඒවායෙන් හැදිච්ච රටක් ලෝකේ නැහැ. ලෝකේ දියුණු වුණු හැම රටක්ම දියුණු වුණේ, ඉතාම දුෂ්කර තීන්දු අරගෙන. මේ ලැබී තිබෙන්නේ එවැනි දුෂ්කර තීන්දුවක් ගැනීම සඳහා වූ ඓතිහාසික නඩු තීන්දුවක්...
 
ප‍්‍රශ්නය - සයිටම් සිසුන් නව පනතක් මගින් ක‍්‍රමවේද ගණනාවක් උපයෝගී කරගෙන කොතලාවල ආරක්ෂක සරසවිය සඳහා බඳවා ගනු ලැබුවා. මෙම තීන්දුව සහ එම පනත අතර යම් පරස්පරයක් නිර්මාණය විය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සලංගමය අදහස් දක්වනු ලැබුවා...
 
පිළිතුර - මේ තීන්දුවත් සමග නෙවිල් ප‍්‍රනාන්දු මහතා අධිකරණයට පැමිණ ”මම ඉතාම සාධාරණ අන්දමට, නෛතික ආකාරයට බිහිකරන ලද සයිටම් ආයතනය, අවනීතික අන්දමට අහෝසි කළා... ඒ සඳහා මට අලාභය ගෙවන්න’’ කියලා කීවොත්, ඔහුට වන්දියක් ලැබෙයි කියලා මම හිතනවා... ඒ එක්කම ඔහු නැවත සයිටම් ආරම්භ කළොත්, ඒක නවත්වන්න පුළුවන් කාටද.../ පැහැදිලිවම මම දන්න දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු එහෙම අරගලකාරී චරිතයක්. ජේ.ආර්.ජයවර්ධන මහත්තයාගේ ඔලූව උඩින් කුරුල්ලෙක් පියාඹන්නේ නැති කාලේ, නෙවිල් ප‍්‍රනාන්දු මහත්තයා, ජේ.ආර්.ට විරුද්ධව පළවෙනි ඇඟිල්ල ඉස්සුවේ... ජේ.ආර්. වත් ගණන් ගත්තේ නැති එවැනි පුද්ගලයෙක් මේ වගේ දේකදී නිකලං ඉඳියි කියලා මම නම් හිතන්නේ නැහැ. 
 
ප‍්‍රශ්නය - අසූව දශකයේ සිටි පුද්ගලික සරසවි වලට එරෙහිව සටනට නායකත්වය ලබා දුන් එදා රාජිත සේනාරත්න සහ අද සිටින අමාත්‍ය රාජිත සේනාරත්නගේ පරස්පරය ඔබට පවා සමහර වෙලාවට පුදුමයක් වෙන්න ඇති.
 
පිළිතුර - පැහැදිලිවම, එතැනදී තිබ්බේ තත්ත්ව දෙකක්... අසූව දශකයේදී මේ ලෝකයේ තිබුණු බල රටාව නෙමෙයි දැන් තියෙන්නේ. සෝවියට් දේශය කඩාගෙන වැටීම සමග, සමාජවාදී ලෝකයම කඩා වැටුණා. ඒවායෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ... අපි ලෝකය පිළිබඳව හදාරන්නේ එක තැනක ඉඳලා නෙවෙයි. වෙනස් වෙන තත්ත්වයන් අධ්‍යයනය කරමින් අපි ඒ අධ්‍යයනය කරන්න ඕනේ. මම සමාජවාදය පිළිගත්තා වූ පුද්ගලයෙක්නේ... සමාජවාදී රාජ්‍යයක් බිහිකිරීම තුළ, ලබා ගන්නා වූ ජයග‍්‍රහණ පිළිබඳව තමයි අපි සිහින දැක්කේ... ඒ සමාජවාදී රාජ්‍යය කරා යෑමට තමයි අපි සටන් කළේ. ඒ කාලයේදී චීනයේ පරමාදර්ශය වුණේ, මාවෝ සේතුලං... එදා චීනය සිටියේ ධනවාදයට එරෙහිව. ඬේන් ෂියා ඕ පිලං විසින් මාවෝගේ චීනය වෙනුවට වෙළෙඳ පොළ ආර්ථිකයක් සහිත චීනයකට ගියා... එවැනි දැවැන්ත මාක්ස්වාදී කොමියුනිස්ට්වාදීන් ඒ මාවත වෙනස් කළා නම්, අපි කොහොමද අපේ මතවාද වෙනස් නොකරගෙන ඉන්නේ. 
 
ප‍්‍රශ්නය - මේ නඩුව සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පැත්තෙන් කරන ලද හැසිරීම ඇල්මැරුණු ස්වරූපයක තිබුණු බවට චෝදනා එල්ල වුණා. මෙවන් තීන්දුවක් සඳහා යම් අදිසි හස්තයක් විසින් වෛද්‍ය සභාව, එවැනි ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් සඳහා යොමු කළාද යන සැකය පවතිනවා... ”නෙවිල් මුදලාලිගේ වුවමනාව පිණිස සිසුවියට සයිටම් නඩුව ජයගැනීම සඳහා වෛද්‍ය සභාව, යම් අයෙකු විසින් පස්සට ඇද්දා...’’ යන චෝදනාව නැගුනොත් ඒ ගැන ඔබ මොකද කියන්නේ...?
 
පිළිතුර -
මේ ගැන තීන්දු තීරණ ගත්තේ වෛද්‍ය සභාව. වෛද්‍ය සභාවේ මුදල් තමා ඒ සඳහා වියදම් කළේ. අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම සඳහා වෛද්‍ය සභාව වියදම් කළේ එම සභාවේ සාමාජිකයන්ගේ මුදල් නෙමෙයි. වෛද්‍ය සභාවේ මුදල්. තමන්ට තීන්දුවක් ලබාදී තිබියදී නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සඳහා වෛද්‍ය සභාව වැනි ආයතනයකට ඉඩ තිබෙනවා ද...? වෛද්‍ය සභාව යනු අර්ධ රාජ්‍ය ආයතනයක්... දැනටමත් විගණකාධිපති විසින් සිය විගණනය සඳහා වෛද්‍ය සභාවේ ගිණුම් ඉල්ලා තිබෙනවා. එවැනි ආයතනයක් මෙවැනි තීන්දු සඳහා යළි යළිත් අභියාචනා සඳහා යෑම පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු වෙනවා. මේ දේවල් කෙරෙන්නෙ වෛද්‍ය සභාවට එල්ල වන බලපෑම මත. ඒ බලපෑම් කොතැනින් ආවද කියලා පේනවනේ...ලැබුණු තීන්දුවක් සම්බන්ධයෙන් අදාළ නොවනාකාරයෙන්, අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා බලපෑම් කරන්නේ කවුද කියලා රටම දන්නවා. වෛද්‍ය සභාවේ සිටින ඉතා උගත් මහාචාර්යවරුන්ගේ මනස වෙනස් කරන ආකාරයට බලපෑම් කරන්නේ අපිද...? ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සලංගමය සහ සමහර සිසුන් විසින් කරන ලද බලපෑම් මත තමයි වෛද්‍ය සභාව ඒ තත්ත්වයට පත් වුණේ...ජනප‍්‍රියවාදය තුළ මුල්බැස ගත් සමහර මත නිසා, සමාජයට වන හානි පිළිබඳව හොඳ උදාහරණයක් ලෙස මෙය ගන්න පුළුවන්...
 
ප‍්‍රශ්නය - 
සායනික අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීමට නොහැකි වූයේ, අධිකරණයේ තීන්දුවක් නිසා බව කියමින් යම් අප‍්‍රසාදයකින් සිටි ඔබ, ඔබ විසින් ප‍්‍රාර්ථනා කරන ලද තීන්දුවක් සේ සයිටම් සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව සලකන බව පෙනෙනවා. ඔබගේ අමාත්‍යාලංශයට සම්බන්ධ විෂයයන් දෙකක් පිළිබඳව අධිකරණයෙන් දෙන ලද තීන්දු දෙකක් සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔබ දෙවිදියකට හැසිරෙන්නේ ඇයි...?
 
 පිළිතුර - මේ නෛතික තත්ත්වය පිළිබඳව අප කලින් දැනගෙන සිටියා. මුළු ලෝකයම, පුද්ගලික අලංශයේ අධ්‍යාපනය මේ වන විට අනුමත කර තිබෙනවා. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලෝකයේ හැම රටකම තියෙනවා. පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධවීම සඳහා අපේ ඔලූහැදුවේ සමාජවාදය විසින්. සමාජවාදී රාජ්‍යයන් තුළ පුද්ගලිකත්වය නැහැ. නැති සමාජවාදී රාජ්‍යයන් තුළ, තිබිය යුතු දේ ගැන සටන් කරන මිනිස්සු ඉන්නේ ලලංකාවේ විතරයි. ඒ අවිද්‍යාත්මක මාක්ස්වාදීන්ගේ බලපෑම නිසා රටේ සමහරු එක එක විදිහට තීන්දු ගැන මනිනවා. අන්තරේ පිටිපස්සේ ඉන්න පක්‍ෂජීවත් වන්නේ දහ නවවෙනි ශත වර්ෂයේ... ලෝකයේ මාක්ස්වාදීන් ඊට වඩා දියුණු තත්ත්වයකට ඇවිල්ලා ඉන්නවා. අපි ඔය කාගේවත් බලපෑම්වලට යටත් වෙන්නේ නැහැ. අපි ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වයටයි මුහුණ දෙන්නේ... ඉන්දියාවේ ප‍්‍රබල මාක්ස්වාදී ව්‍යාපාරයක් තිබෙනවා. එහෙ පුද්ගලික වෛද්‍ය විද්‍යාල කොච්චර තියෙනවාද...? එහෙ ඉන්න කොමියුනිස්ට්වාදීන් ඒවා වහන්න කියලා පාරට බැස්සාද..? මේ ජයග‍්‍රහණය කරලා තියෙනනෙ අපේ මතය. ඒ තමයි අද ලෝක තත්ත්වය. මම ජීවත් වන්නේ දහ නවවන ශතවර්ෂයේ නෙමෙයි. 
 
සාකච්ඡා කළේ - මනෝජ් අබයදීර 

17,227 Viewers

No comments