Header Ads

test

රනිල් හදිස්සියේ කැබිනට් රැස්වීමක් හෙට කැදවයි


හෙට පෙරවරු 9ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීමක් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි. මේ සදහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන වෛද්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, පලනි දිගම්බරම් ඇතුළු අමාත්‍යවරුන් රැසක් සහභාගී වන අතර එතැන් පටන් ආණ්ඩුවේ සියළු වැඩ කටයුතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරගෙන යාමට කටයුතු සුදානම් කර ඇත. 

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණීමට නියමිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගෙන සශක්තිමත් ආණ්ඩුවක් ගෙන යන බව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක් අප සමග පැවසීය. 

19,488 Viewers

No comments