Header Ads

test

මෛත‍්‍රී සමග සන්ධාන උගුලේ යලි වැටෙන්න එපා.. ඔහු විශ්වාස නෑ..- ඒකාබද්ද මන්ත‍්‍රීවරු මහින්දට කියති..


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දේශපාලන එකගතාවක් ඇති කර ගැනීමට යන්නේ නම් විශ්වාසය පිළිබද ප්‍රශ්නය සැලකිල්ලට ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් පිහිටුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් කර ඇති බවට එම පාර්ශ්වයේ සාමාජිකයන් කීප දෙනකු මේ දින වල මහින්ද පාර්ශ්වය අතර පණිවුඩ හුවමාරුවක යෙදී සිටිති.
එහි නායකත්වය ගෙන ඇත්තේ එස්.බී. දිසානායක මහතායි.
මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මහ මැතිවරණයේදී ක්‍රියා කළේ එජනි සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් නොවන බවත් ඔහුගේ විශ්වාසය පිළිබද ප්‍රශ්නය බරපතල ලෙස මතු වී ඇති බව එකී මන්ත‍්‍රී පිරිස හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
6,745 Viiewers

No comments