Header Ads

test

අයවැය පරද්දන්න යූඇන්පී මන්ත්‍රී පිරිසක් සූදානම්


එළඹෙන නොවැම්බරයේ පැවැත්වෙන අයවැය ජන්ද විමසීමේදී ඊට එරෙහිව ජන්දය භාවිත කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම එජාප මන්ත්‍රීවරුන් මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය සමග දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇති බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසීය. ඉදිරි සතිය තුළ මේ පිළිබඳ තවත් තීරණාත්මක සාකච්ජා වටයක්ද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම මන්ත්‍රීවරුන්, අයවැයට විරුද්ධව ජන්දය දී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටද සූදානමක් ඇතැයි විශ්වාසදායක ආරංචිමාර්ග වාර්තා කර සිටී.
17,784 Viewers

No comments