Header Ads

test

හබරාදූවේ පොහොට්ටු : චන්දිමගේ රෙදි ගලවයි !


ගාල්ල, හබරාදුව ආසනයේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් 2 වනදා හබරාදුව නගරයේ දී පැවැත්විණි.
ඇයි චන්දිම අඬන්නේ ? අපි මොනවද කරන්නේ ?
“ ඇයි චන්දිම අඩන්නේ අපි මොනවද කරන්නේ” “මහින්ද හොද වුණේ ඡන්දෙන් පස්සෙද?” “චන්දිමගේ දේශපාලන ගමනේ මළගම අදයි” “හබරාදුව ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි” ආදී සටන් පාඨ  සහිත විරෝධතා පුවරු සමඟ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ.ජී.සී. පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ද  හබරාදුව සහ ඉමදුව  ප්‍රාදේශීය සභා දෙකේ  පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝණයට සහභාගී වී සිටියහ.
හබරාදුව ප්‍රාදේශීය සභාව අසල සිට ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ බස් නැවතුම්පොළ දක්වා ගමන් කළ උද්ඝෝෂකයන් එහිදි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදී සිට සාමකාමීව විසිර ගොස් ඇත.
චන්දිමගේ රෙද්ද බේරගන්න සුසිල් තනියම !

මේ අතර එම අවස්ථාවේ ඒ අසල පිහිටි හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී  සුසිල් ප්‍රේමජයන්තගේ  ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක් පැවැත්වී ඇත. ඒ සැප්තැම්බර් 5 වනදා ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාව ගැන දැනුවත් කිරීම සඳහාය.
චන්දිම බලෙන් එල්ලෙන්න එනවා : අපේ අයට ඊට වඩා වැඩ තියනවා 
වාර්තා වන ආකාරයට ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළියට සහභාගී වන ලෙස දැනුවත් කෙරෙන රැස්වීම් කිහිපයක් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවිධාන කර තිබේ. එයින්  හබරාදූවේ රැස්වීම සඳහා  ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහභාගී වන බවට පෝස්ටර් මගින් දැනුවත් කර තිබිණ.  එහෙත් එම රැස්වීමට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත හා චන්දිම වීරක්කොඩි පමණය.
මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රකාශකයකු සඳහන්කර සිටියේ චන්දිම වැනි උදවිය සංවිධානය කරන රැස්වීම් ඇමතීමට වඩා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට වැදගත් රැස්වීම් තිබෙන බවය. 
අවස්ථාවාදී චන්දිම හබරාදූවට එපා !
මේ සම්බන්ධව අදහස් දක්වමින් විරෝධතාවට එක්වූ දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර සඳහන් කර සිටියේ චන්දිම වීරක්කොඩි යනු තනතුරු වෙනුවෙන් ජනතා මතය පාවාදුන් හබරාදුවේ ජනතාවට අවමන් කළ අයෙකු බවත් හබරාදුවට තවදුරටත් ඔහුගේ නායකත්වය අනවශ්‍ය බවය.
එසේම එහිදී තවත් ජනතා නියෝජිතයන් මෙන්ම පක්ෂ ක්‍රියාකාරීන්ද අදහස් දැක්වීය. එහිදී ඔවුන්ද සඳහන් කර සිටියේ " චන්දිම පාර්ලිමේන්තු ගියේ මහින්ද මහත්තයාගේ නම විකුණලා. ඒත් අන්තිමට ඇමතිකමක් අරගෙන ආණ්ඩුවට එකතු වුණා. අද එයා එනවා ආණ්ඩුව ගෙදර යවමු කියන්න. අපි එයාගෙන් අහනවා පළාත් පාලන ජන්දය පැරදුනාමද ආණ්ඩුව පරද්දන්න හිතට ආවේ කියලා. එදා ආණ්ඩුවට ගිහින්, මහින්ද වයසයි ඒ නිසා දැන් ගෙදර යන්න කිව්වා. බැසිල්ට හොරා කිව්වා, දැන් එනවා අපිට නායකත්වය දෙන්න. ඒ නිසා අපි කියනවා, චන්දිමව තවත් හබරාදුවට එපා. අපි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට කියනවා, මේ අවස්ථාවාදීන් නායකයන් ලෙස අපට එවන්න එපා කියලා.
14,745 Viewers

No comments