Header Ads

test

ඒකාබද්දය අසික්කිත කාකොටා ගැනීමක.. එලිිපිට මරා ගනිති.. මහින්දානන්ද වෙල්ගමට ගහයි.. වෙල්ගම මහින්දානන්දට ගහයි. [Video]


කුමාර වෙල්ගම කියන්නේ කවටයෙක් : මහින්දානන්ද ප්‍රසිද්ධියේම කියයි !
මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කවටයෙකු බවත් ඔහු ගැන කතා කිරීමෙන් පලක් නැති බව මහින්ද පිලේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මෙසේ සඳහන් කර ඇත්තේ සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීය.
“කුමාර වෙග්ලම මන්ත්‍රීතුමා ගැන කතා කරලා වැඩක් නැහැ. එතුමා මේ පක්ෂයේ මිනිස්සු බොහෝම ආදරය කරපු කෙනෙක්. හැබැයි ඉතින් මේ මෑත කාලයේ කරපු සමහර ප්‍රකාශ නිසා විකටයෙක් වෙලා ඉන්නවා” යැයි එහිදි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.
මෙසේ මහින්දාන්නද මන්ත්‍රීවරයාගේ  කෝපයට හේතුවී ඇත්තේ, 'හිට්ලර් කෙනෙක් බලයට ආවොත් රටම ඉවරයි' යයි වෙල්ගම මන්ත්‍රීවරයා කල ප්‍රකාශය සම්බන්ධවය.
දකුණෙන් හිට්ලර් කෙනෙක් බලයට පත්වුවහොත් අපේ රටට යන කල දසාව කුමක්දැයි ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් අමතමින් පසුගිය මස 14 දාඑහි රැස්ව සිටි පාක්ෂිකයින් ගෙන් එබව විමසා සිටියේය.
වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ 'විජයකලා ගිහිල්ලා උතුරේ කියනවා අපිට ඕනේ ප්‍රභාකරන්, ප්‍රභාකරන් ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ද? එතකොට අරෙහෙන් ඒකාධිපති කෙනෙක් ඉල්ලනවා දකුණෙන් හිට්ලර් කෙනෙක් ඉල්ලනවා. එතකොට අපේ රටට යන කල දසාව මොකක්ද? එතකොට තමුන්නාන්සේලාට ජීවත් වෙන්න පුළුවන්ද? රෑට නිදාගන්න පුළුවන්ද?" යනුවෙන්ය.
මහින්දානන්ද කියන්නේ කොන්දක් නැති හාදයෙක් : වෙල්ගමගෙන් සැර උත්තරයක් !
එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රීලනිපය තීන්දු කළ මධ්‍යම කාරකසභා රැස්වීමේදී විරෝධය දැක්වීමට තරම් කොන්දක් නොතිබූ ,745මහින්දානන්ද මන්ත්‍රීවරයා තමාට කවටයකු බව කියා ඇති බවත් කොන්දක් නොමැති මහින්දානන්ද එසේ කීවත් කිව යුතුදේ මහින්ද මහත්තයාගේ වුවත් මුහුණට කීම තමාගේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සඳහන් කරයි.
වෙල්ගම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින්  මන්ත්‍රී කුමාර වෙල්ගම  සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතකට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද (05) ප්‍රතිචාර දක්වමින්ය.
අද කළුතර - පානදුර පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙසේ ප්‍රතිචාර දැක්වීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පිළිබඳ  සති අන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ කුමාර වෙල්ගම මහතා සම්බන්ධයෙන් කතා කර වැඩක් නැති බවත් ඔහු විකටයෙකුගේ චරිතය රඟපාන බවත්ය.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කර සිටියේ එදා මධ්‍යම කාරක සභා රැස්වීමේදී නැගිට ප්‍රකාශයක් කිරීමට මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවය.
එසේම එදා නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩවීමටද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොන්දක් නොතිබූ බවත් ඔහු කුමක් වේදෝයි හැංගි බලා සිටියා මිස කිසිවක් නොකළ බවද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය. 
තමා නාමල් රාජපක්ෂ මහතා ඉපදීමටත් පෙර සිට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයෙක් වශයෙන් අවුරුදු 36 ක කාලයක් කටයුතු කර ඇති බවත් එම කාලය තුළ මහජනතාවට කිසිඳු වැරදි ප්‍රකාශයක් සිදු  කර නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



19,342 Viewers

No comments