Header Ads

test

සුවලොව දිනූ රාජිත


රාජිත යනු එදා මෙදා තුර මෙරට දේශපාලනයේ දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශපාලනඥයෙකි. සිව්දෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා ලෙස 1950 මැයි 29 වන දින උපන් රාජිතගේ පියා වෛද්‍ය ධර්මපාල අමරසේන සේනාරත්නයන්ය. ඔහුගේ මව වූයේ විමලා බියට්‍රිස් සේනාරත්නය.
ගාල්ල ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් මූලික  අධ්‍යාපනය ආරම්භ කළ රාජිත අනතුරුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් විය. ඔහු නාලන්දා විද්‍යාලයට ඇතුළු වූයේ තුන්වන වසරටය.
නාලන්දා විද්‍යාලයේ 9 වන පංතියේදී රාජිත අධ්‍යාපනය ලැබුවේ ඒ.ටී. ආරියරත්න ගුරුවරයා යටතේය. එවකට ආරියරත්න ගුරුවරයා ඇතුළු තිදෙනකුට එවකට පැවති රජය විසින් ස්ථාන මාරු ලබා දුන්හ. මෙම ස්ථාන මාරුවට විරුද්ධව ඉහළ පන්තිවල සිසුහු  පන්ති වර්ජනය කළහ. එය මෙරට ප්‍රථම පන්ති වර්ජනය වූ අතර කුඩා රාජිත එයට සහභාගි නොවුවද ඔහුට එම අත්දැකීම ජීවිතයේ විශාල පෙරළියට හේතුවක් වූවේය.
නාලන්දා විද්‍යාලයේ සිට ආනන්ද විද්‍යාලයට රාජිත ඇතුළු වූයේ 1966 වසරේදීය. ආනන්දයේ දී රාජිතගේ  කුලුපග මිතුරන් වූයේ බැසිල් රාජපක්ෂයන් සහ බන්දුල පද්මකුමාරයන්ය.
වසර 1969 දී උසස්පෙළ විභාගය සමත් වන රාජිත 1970 පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයට ඇතුළු වූවේය. මෙහිදී මුල සිටම ඔහු දේශපාලනයට සම්බන්ධ විය.
1974දී රාජිත දන්ත වෛද්‍ය පීඨයේ අවසන් විභාගය සමත්ව කොළඹට පැමිණීමත් සමග පැතිර ගිය කටකතාව වූයේ රැඩිකල් වෛද්‍යවරයකු පැමිණ ඇති බවකි. එම ආරංචියත් සමග රාජිතව උඩුගමට මාරු කරන්නට සෞඛ්‍ය අධ්‍යක්ෂවරු කටයුතු කළේය.
රජයේ දන්ත වෛද්‍ය සංගමයේ  1975දී ‍ලේකම්වරයාව සිටියේ දෙමළ ජාතිකයෙකි. එහිදී පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ලබා ගනිමින් සංගමයේ ‍ලේකම්වරයා ලෙස තේරී පත් විය.
ඒ අනුව මුල්ම වැඩ වර්ජනය රාජිත ආරම්භ කළේ වෛද්‍යවරුන්ගේ සහ දන්ත වෛද්‍යවරුන්ගේ වැටුප සමාන කරන ලෙස ඉල්ලමිනි. ඔහු ආරම්භ කළ සටන ජයග්‍රහණය කරවීමට හැකි වූවේය.
එවකට හිටපු ඇමතිවරයකු වූ ටී.බි. සුභසිංහ මහතාගේ නායකත්වයෙන් 1976දී මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බිහි කිරීමට මුල්විය. අනතුරුව රාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූයේ වසර 1982දීය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විජය කුමාරතුංග, රාජිතට හඳුන්වා දෙන ලද්දේ 1983දීය.  මහජන පක්ෂය බිහි වීමෙන් පසුව රාජිත ඊට සම්බන්ධ වූයේ 1987දීය.
පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නායකත්වයෙන් 1990දී බහුජන නිදහස් පෙරමුණ ආරම්භ කළ රාජිත, එහි ප්‍රධාන ‍ලේකම් ධුරයට පත් වුවද චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වීමත් සමග චන්ද්‍රිකා හැර යාමට රාජිත කටයුතු කළේය.
පසුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක් වූ රාජිත ඔවුන් ගෙන ගිය දේශපාලන කටයුතු සඳහා නායකත්වය ලබා දුන්නේය.
විජේතුංග ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ ආරාධනායෙන් රාජිත එක්සත් ජාතික පක්ෂයට එක් විය.
2000 මහ මැතිවරණයේදී කළුතර ආසනය එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කර දෙන්නට රාජිත සමත් වන්නේ 1977න් පසු ප්‍රථම වරටය. 2001 දී නැවත මහ මැතිවරණයෙන් ජය ගන්නා රාජිත සේනාරත්න ඉඩම් ඇමැති ධුරයට පත් වන අතර ඔහු ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ගෙන එමින් රජයේ ඉඩම් විකිණීම තහනම් කරයි. මෙරට ඉඩම් අයිතිය ගැන අද ක්‍රියාත්මක බොහෝ නීතිරීති රටට හා කාලයට ගැළපෙන ලෙස වෙනස් කළේ රාජිත ඉඩම් ඇමැති ලෙසය.
2007 දී රාජිත, මහින්දගේ ආණ්ඩුවට සම්බන්ධ වුණේ යුද්ධය ජයග්‍රහණය කරවීම සඳහාය. රජය පරාජයට පත් කර යුද ජයග්‍රහණය නවතාලන්නට ඇතැමුන් උත්සාහ කරද්දී ආණ්ඩුවට සහයෝගය දෙන්නට රාජිත පෙරමුණ ගත්තේය.
යුද්ධය ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් කළ යුතු බව රාජිත, ජනාධිපති මහින්ද රාජපක්ෂට පෙන්වා දුන්නේය.
ධර්මාශෝක හා නෙල්සන් මැන්ඩෙලා චරිත උදාහරණයට ගත් රාජිත, නොබෙල් ත්‍යාගය දිනා දෙන්නට ඒ සඳහා අයැදුම් පත්‍රය පවා මහින්ද රාජපක්ෂට ගෙනැවිත් දුන්නේය.
එහෙත් අවසානයේ මහින්ද ඒ ගමන් මගෙන් ඉවත් වන විට කලකිරුණු රාජිත අවසානයේ මහින්ද රාජපක්ෂගෙන් මෙන්ම රජයෙන්ද ඉවත්ව යහපාලන රජය පිහිටුවන්නට පෙරමුණ ගනිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ආණ්ඩුවෙන් ඉවත්ව 2015 ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ රජය පිහිටුවා සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස පත් විය.
යළිත් 2015 අගෝස්තු 15 වැනිදා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කර ජය ගනිමින් යළිත් සෞඛ්‍ය ‍පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙස පත් විය.
1978 දී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න සමග විවාහ වූ රාජිත පුතුන් දෙදෙනකුගේ පියෙකි. චතුර හා එක්සත්, රාජිත හා සුජාතාගේ පුතුන් දෙදෙනාය.
27,867 Viewers

No comments