Header Ads

test

මහරගම නගරාධිපතිට හැමෝම "සර්" කියන්නලු : පොල්ලෙලිවලටත් රාජපක්ෂගේ ලෙඩේ!


මහරගම නගරසභාවේ නගරාධිපති බවට ස්වාධීන ලැයිස්තුවකින් පත් වූ පොහොට්ටුවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න  තමාට 'සර් ' කිව යුතුය කියා මහජනතාවට සහ නගර සභාවේ සේවකයන්ට නිවේදනය කර තිබේ. 

ඒ බව සඳහන් නිවේදනයක් ඔහුගේ සභාපති කාමරයේ සියළු දෙනාටම පෙනෙන ලෙස ප්‍රදර්ශනය කර ඇත.
නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොඹවන නිසාත්, සියලු නිලධාරී සේවක මහත්ම මහත්මීන් 'සර්' නමින් තමාව අමතන්නැයි මහරගම නගර සභාවේ සභාපති දැනුම් දී ඇති බවට පලවන එම නිවේදනය මේවනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් පවතී.ස්වාධීන කණ්ඩායම 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් සමඟ මහරගම මහ  නගර සභාව සඳහා තරගකර ජයග්‍රහණය කර  නගරාධිපතිව සිටින ටිරාජ් ලක්රුවන් මේ වන විට තමන්  දිනේෂ් ගුණවර්ධනගේ සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙක් බව පවසමින් සිටියි.
මේ පිළිබඳ මහරගම නගරසභාවේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ  කාන්ති කොඩිකාර ඇතුළු කිහිපදෙනෙකු සමඟ ඇති ආරෝවක් හේතුවෙන් ප්‍රදේශයේ ඉහළ දේශපාලන බලවතෙකුගේ උපදෙස් පිට මෙම දැන්වීම පළකර ඇති බවය.
එසේම ටිරාජ් ලක්රුවන් මෙම ධුරයට පත්වූ දින සිට "තමන්ට එරෙහිව කිසියම් කුමන්ත්‍රණයක් තිබෙනවා , කවුරුත් තමන්ට නොසළකනවා, තැන තැන තමන්ට බනින පිරිස් සභාවේ සිටිනවා, තමන්ට මොළේ නැති බව කියන අය ඉන්නවා" වැනි මානසික තත්ත්වයක සිටින බවද දැනගන්නට ඇත.
එසේම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරන්නේ දෙයියනේ කියා  රාජපක්ෂ සමඟ නැගිටින්න ගිය මහරගමට  පෙබරවාරි 10 වනදා  ලංකාවේම උපහාසයට පාත්‍ර වීමට හැකිවූ බවත් දැන් අපහාසයටද පත්වීමට වාසනාව ලැබී ඇති බවය.
එමෙන්ම රාජපක්ෂවරුන් පිළිබඳ විශ්වාසයෙන් ජන්දය ලබාදුන් නමුත් මහරගම මහ නගරසභාව මේ වන විට දැඩි පිරිහීමකට ලක්ව ඇති බවත් රාජපක්ෂලා දමන පොල්ලෙලි වුවත් දිනනවා කිව්වට එහි ඇත්ත පසුබිම මේ වන විට මහරගම භුක්ති විඳින බවද ඔවුන්ගේ අදහස වී ඇත.
කෙසේ වුවත් මේ සම්බන්ධ අප අදහස වන්නේ රාජපක්ෂලාගේ රජ උෂ්ණය පහළ තලයේදී "සර්" කියවා ගන්නා මානසිකත්වය බවට පත්ව ඇති බවය. 
එසේම කිසිඳු හික්මීමක් පමණක් නොව දැඩි හීනමානයෙන් පෙළෙන මෙවැනි පිරිස් තම පාලන නියෝජිතයන් ලෙස පත්කර ගත්තේද මහරගම ජනතාවමය.
දැන් රාජපක්ෂලා ලංකා දේශපාලනයට දායාද කළ මේ  මහරගම මානසික රෝගීන් දෙස බලා රටේම ජනතාවට තමන් ගැනම   නැවත සිතන්නට අවස්ථාව උදාවී ඇත. එවිට මේ උමතු රෝගීන් තම ප්‍රදේශයේ බලයට ගෙන ඒම වෙනුවෙන් තම සිත වැඩ කළ ආකාරය පෙනී යනු ඇත.

38498840 1242864925850573 5011888502678224896 n

23,432 Viewers

No comments