Header Ads

test

මෙන්න ඇමති රාජිත, පෞද්ගලික රෝහල් වලට අත තියන හැටි


පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න තීරණය කර ඇත. .

ඔහු විසින් එය නිල නිවේදනයක් ලෙසම නිකුත් කර ඇත. එයත් සමගම ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කිරීමද ඒ තුලින් සිදුවනු ඇත.

එසේම  සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

තවද මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් දී ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

33,648 Viewers


No comments