Header Ads

test

ජනාධිපතිවරණය ඉලක්ක කර එජාප ප්‍රභලයින් රැසක් ජනපතිට එක්වෙයි…?

ජනාධිපතිවරණය ඉලක්ක කර එජාප ප්‍රභලයින් රැසක් ජනපතිට එක්වෙයි…?



ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දින කිහිපය පොලොන්නරුවේ ගත කලේ එම දිස්ත‍්‍රික්කයේ ව්‍යාපෘති 180ක් විවෘත කිරීමේ කටයුතු දින තුනක් තුල සිදු කිරීමටයි.
මෙම වැඩසටහනට ජනාධිපතිවරයා සම්බන්ධ වෙද්දී එක්සත් ජාතික පක්‍ෂයේ නොසිතු පාර්ශවයක් එක් වී තිබින.
එජාප ඇමතිවරුන් වන සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, විජේදාස රාජපක්ෂ, පි. හැරිසන් යන අැමතිවරුන් මෙහෙිදී කැපි පෙනුනු අතර ඔවුන් වේදිකාවේදීද කියා සිටියේ ජනාධිපතිවරයාගේ ගමන ගැන සතුටු වන බවයි.
2015 ජනවාරි 8 සිටි ප්‍රධාන බලවේග කිහිපයක්ද යලිත් එජාපයෙන් දුරස්ව ජනාධිපතිවරයා අසල ගැවසෙන්නට වී ඇති අතර එජාප නායකත්වය සමගින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බව ප‍්‍රසිද්ධියේ කියූ මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා සමග මෙම වැඩසටහන සමග එක්වීම විශේෂත්වයකි.
දේශපාලන නිරීක්‍ෂකයන්ගේ අදහස ජනාධිපතිවරයා මේ සැරසෙන්නේ එජාපයේ ප්‍රබල කුට්ටියක් අතට ගැනීමට විය හැකි බවයි.
17,967 Viewers

No comments