Header Ads

test

අගමැති හදන්නේ රාජපක්ෂ පිහිටෙන් නැවත බලයට එන්නයි…..!

Image result for sarath wijesooriya



විශේෂ අධිකරණ සක්‍රිය කිරීමට අධිකරණ ඇමතිවරිය මැදිහත් නොවන්නේ අගමැතිගේ බලපෑම නිසා බව මහාචාර්ය සරත් විජේසූරිය පවසනවා.
ඊයේ (30) පැවති පුරවැසි බලය සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
“හිටපු අධිකරණ ඇමතිගේ ක්‍රියාකලාපය විවේචනය කරපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මේ වන විට බලයට ඇවිල්ලා සෑහෙන කාලයක් ගත වෙලා. සිවිල් සමාජය විවිධ වගකියන පාර්ශවයන් ඉතා අවධාරණයෙන් ඉල්ලා සිටි විශේෂ අධිකරණ පිහිටුවීමේ ක්‍රියාවලියට අවශ්‍ය නෛතික කටයුතු සිද්ධ වුනත් එතුමිය ඒවා සක්‍රිය කිරීමේ ක්‍රියාවලියට මැදිහත් නොවන තත්ත්වයක් තියනවා. ඒක ඇතුලේ ඇත්තටම මට පෙනෙන්නේ අධිකරණ ඇමතිගේ නොහැකියාවට වඩා අග්‍රමාත්‍යවරයා අදෘශ්‍යමානව කරන නරක, දරුණු, අවීනීත බලපෑමක් තියන බවයි. නීතිය හා සාමය භාර අමාත්‍යවරයාත් ඇතැම් කටයුතු ඇතුලේ පෙන්වන නිෂ්ක්‍රියභාවය ඇතුලේ අදෘශ්‍යමානව අගමැතිවරයාගේ බලපෑමක් තියන බව පේනවා. මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් නැවත බලයට එන්න තමයි අගමැතිවරයා කල්පනා කරගෙන ඉන්නේ.” මහාචාර්යවරයා මෙහිදි පවසා සිටියා.
12,845 Viewers

No comments