Header Ads

test

සුපිරි ක්‍රිකට් නායකයා රටක් අල්ලයි ! හිටපු බිරිදගෙනුත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


වසර 30කට පසුව පාකිස්ථානු දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් පළමු වටයේ ඡුන්ද ප‍්‍රතිඵලවලින් දැවැන්ත ජයග‍්‍රහණයක් හිමිකරගෙන සිටින ටෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ජයග‍්‍රහණය කිරීම හේතුවෙන් එහි නායක හිටපු ක‍්‍රිකට් සුපිරි තරු ඉම්රාන් ඛාන් එරට අගමැති ධුරයට පත්වනු ඇතැයි එරට වාර්තා පවසයි.
පාකිස්ථානු මහමැතිවරණයේ ඡන්ද පත‍්‍රිකා හරි අඩක්ම ඊයේ වනවිට ගණන් කර අවසන් කර තිබුණි.
ඉම්රාන් ප‍්‍රමුඛ පක්ෂය පරාජය කර ඇත්තේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ පක්ෂයයි.
බහුතරය දිනාගැනීමට නම් ආසන 137ක් දිනාගත යුතු වන අතර දැනට නිකුත් වූ 49%ක ඡුන්ද ප‍්‍රතිඵලවලින් ඉම්රාන්ගේ පක්ෂය ආසන 119ක් දිනාගෙන සිටියි.
මුළු ආසන සංඛ්‍යාව 279කි.
කෙසේවෙතත් නවාස් ෂරීෆ්ගේ පක්ෂය මෙම ප‍්‍රතිඵල ප‍්‍රතික්ෂේප කර සිටියි.
වසර 30ක් තිස්සේ පාකිස්ථානය පාලනය වූයේ ප‍්‍රතිවාදී පාකිස්ථානු ජනතා පක්ෂය හා පාකිස්ථානු මුස්ලිම් ලීගය අතර වරින් වර මාරුවෙමිනි.
මෙම දේශපාලන පෙරළිය ඉම්රාන්ගේ නායකත්වය නිසාම සිදුවූවක් බව පවසන දේශපාලන විශ්ලේෂකයන් වැඩිදුරටත් පවසා ඇත්තේ ඉම්රාන් තනි පක්ෂයක් ලෙස ආණ්ඩුව පිහිටුවීමට අසමත් වනු ඇති බවත් සභාග ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත්ය.
ඉම්රාන් ගේ මීළඟ අභියෝගය ගැන ඔහුගේ හිටපු බිරිඳ කියයි.
මීළඟ පකිස්තානු අගමැතිවරයා ලෙස පත්වීමට නියමිත ඉම්රාන් ඛාන් හට මුහුණදීමට සිදුවන මීළඟ අභියෝගය පිළිබඳව ඔහු ගේ පළමු බිරිඳ වන ජෙමීමා ගෝල්ඩ්ස්මිත් පවසා තිබේ.
“අවුරුදු 22 කට පසු, නින්දා, බාධක හා කැපකිරීම් වලින් අනතුරුව, මාගේ පුතණුවන්ගේ පියා පකිස්තානයේ ඊළඟ අගමැති බවට පත්වී ඇත. එය ස්ථිරභාවය, විශ්වාසය හා පරාජය පිළිගැනීමට ප්‍රතික්ෂේප කිරීමේ ඉතා අපූරු පාඩමක්. දැන් ඔහුගේ අභියෝගය වන්නේ තමා පළමුවෙන්ම දේශපාලනයට පිවිසීමට හේතුව කුමක්ද යන්න මතකයේ තබාගැනීමයි. සුබපැතුම්”, යැයි ජෙමීමා ට්වටර් පණිවිඩයක් එක්කර තිබේ.
බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ජෙමීමා, ඉම්රාන් සමග විවාහ වූයේ 1995 දී ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටින අතර, 2004දී ඔවුන් ගේ විවාහය දික්කසාදයෙන් කෙළවර වුවත්, දෙදෙනා අතර භේදයක් ඇති නොවුනි.

දික්කසාදයෙන් පසුව ඛාන් දෙවරක් විවාහ විය.
19,785 Viewers

No comments