Header Ads

test

කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ( තදින් සිනා ) එවිට මිය යන්නේ කවුරුන්ද ?


මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත. එය කෙලෙස ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව ජනතාව ගේ පාර්ශවයෙන් බලන කල ඇත්තේ ජුගුප්සාජනක හැඟීමක් පමණි. මන්ද, කියන දේ වෙනුවට වෙන දෙයක් කරන, සිදු නොවිය යුතු සියල්ලම සිදුවන රටක මෙවැනි තීරණ ගැනීම් පිටුපස ඇත්තේ පුහු වීරයන් මැවීමක් පමණි. ඒ නිසා ගත් තීන්දු තීරණ ප්‍රායෝගිකව ඉෂ්ඨ වන තුරුම මේවා වචන වලට පමණක් සීමා වේ.

මෙම තීරණයත් සමගම ඇත්ත වශයෙන්ම එල්ලා මැරීමට නියම වන්නේ කවරෙක්ද ? මේ රට ආසියාවේ කුඩු බෙදා හැරීමේ මර්මස්තානයට පත් වුයේ වසර 10 ක් ඇතුලතය. ග්‍රෑම් ගණනින් අසු වුනු කුඩු තොග , කිලෝ 200-300 මුට්ට ගණනින් මෙරටින් මතු වෙන්නට පටන් ගත්තේය. 1977 සිට මෙරටේ කුඩු වෙළඳාම හා දේශපාලුවා අතර පවතින්නේ කුළුපග සබැඳියාවකි. ඒ ඔස්සේ දියත් වූ හවුල් ව්‍යාපාරය අද වන විට මෙරට පමණක් නොව පිටරටටද අපනයනය කරන තත්වයට ඉහල දමාගත්තේය.

මෙරටේ ආරක්ෂක ආමාත්‍යංශයට අපුරු අධීක්ෂණ මන්ත්‍රීවරයෙකු පත් වුයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආශිර්වාදයෙනි. මෙරටේ කුඩා දරුවෙක් පවා කුඩු දුමියා ලෙස හඳුන්වන දුමින්ද සිල්වා මහත් හරසරින් ගෝඨාභය රාජපක්ෂ ලේකම් ධුරය දැරූ ආරක්ෂක අමාත්‍යංශය විසින් පිළිගනු ලැබිය. එතැන් සිට මෙරටේ කුඩු වෙළඳාමට සියලු රැකවරණ ලබා ගැනීමට හැකි විය. ඔවුන්ගේ පළමු මෙහෙවර සිදු වුයේ සුදුවෑන් හරහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තම අණසක දියත් කල පාතාලයේ කෙරුමන් පැහැර ගැනීමය. එතෙක් කොළඹ හා අනෙකුත් ප්‍රදේශවල මේ රටේ තරුණ තරුණියන්ට කුඩු බෙදා හැරියේ මෙම පාතාල අපතයන් විසිනි. ඔවුන් මෝරුන්ගේ ටැංකි වල ජීවිතය දිය කර හරිද්දී මෙරටේ හුදී ජනයා සිතුවේ "දැන් නම් අපේ දරුවන්ට නිවී සැනසිල්ලේ සිටිය හැකි " යන්නය. එහෙත් සිදු වුයේ කුමක්ද ? මීගමුවේ ලන්සා අත්අඩංගුවට පත් වන්නේ කුඩු සමගය. එය අත්අඩංගුවට ගන්නේ විශේෂ කාර්ය බලකාය විසිනි. එසැනින් මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයෙන් ලන්සාගේ ගෙමිදුලටම බැස්සේය. විශේෂ කාර්ය බලකායට මහින්ද දබරැඟිල්ල දිගු කළේය. එම සිදුවීම සිදුවී සතියක් ගිය පසු පුත්තලෙම් උඩප්පුව ප්‍රදේශයේදී තවත් කුඩු කිලෝ එකසිය හැට ගණනක් සමග අසුවුයේ දුමින්ද සිල්වාගේ මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථයයි. එවිට සිදු වුයේ කුඩු පමණක් පොලිසිය භාරයට ගෙන අදාළ පුද්ගලයන්ට පලායාමට ඉඩ දීමය. කොළඹ සිට දියත් වූ පාතාලය විනාශ කර දේශපාලුවන් සම්පුර්ණ ජාවාරම සියතට ගත්තේය. මරණීය දණ්ඩනය ලබා සිරගතව සිටින දුමින්ද ආර් සිල්වා හෙවත් කුඩු දුමියා සහ ඔහුගේ අංක එකේ ගෝලයා වන චමින්ද රවි ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඉන් පසුව මේ රටේ ප්‍රබල දේශපාලනය සමග ව්‍යාපාරය හිනිපෙත්තටම නැන්වුවේය. ඔවුන්ගේ ව්‍යාපාරය තාවකාලිකව ඇනහිටියේ දුමින්ද සිල්වා ප්‍රමුඛ දේශපාලන කුඩු කාටලයට එරෙහිව තවත් දේශපාලන කුඩු කාටලයක් වන භාරත ලක්ෂමන් නැගී සිටීමය. එහි ප්‍රතිපලයක් ලෙස භාරත ඝාතනයට ලක් වූ අතර, දුමින්ද හා දෙමටගොඩ චමින්ද ´මරණිය දණ්ඩනයට ලක් විය. එහෙත් අද දක්වාම ඔවුන් සිර ගෙදර සිට මෙම දේශපාලන කුඩු ජාවාරම කිසිදු බාධාවකින් තොරව කරගෙන යයි.

ලංකාවම හෙල්ලූ තවත් මහා පරිමාන කුඩු තොගයක් වූ කොළො 272 ක් හමුවන්නේ ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තයේදීය. මෙරට බලධාරීන් මුලික වටයේදී එහි සියලු තොරතුරු හෙළිදරව් කල අතර, පසුව එයද මේ රටේ වරප්‍රසාද ලත් පන්තියේ දේශපාලන බලයෙන් හමස් පෙට්ටියට තල්ලු කළේය. මේ චායාරුපයේ සිටින කටුගස්තොට උපන් මුජෙහිදීන් යනු මැලේසියාවේ සිට කුඩු ජාවාරම කරගෙන යන මහා පරිමාන කුඩු රජෙකි. ඔහු 2003 දී අත්අඩංගුවට ගෙන දැනට මරණ දණ්ඩනය හිමිව සිටින මොහොමඩ් සමූන් මොහොමඩ් ෂියාම් ගේ ඥාතියෙකි. කුඩු දුමින්ද, මුජෙහෙදීන්ගේ හෙරොයින් මෙරටට ගෙන්වන ප්‍රධාන චරිතයක් විය. කුඩු දුමින්ද ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාව සිටි සමයේදී මුජෙහෙදීන් නිතර ලංකාවට පැමිණ ඇත. එවන් අවස්ථාවකදී ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් විසින් ඔහු මහත් උණුසුමින් පිළිගෙන ඇති බවට මෙම චායාරුපය සාක්ෂි දරනු ඇත.

කුඩු වලට දඬුවම් පමුණුවනවා නම් මුලින්ම පිරික්සිය යුත්තේ මෙරටට රැගෙන එන පිරිසය. එපමණක් නොව කුඩු මෙරටට රැගෙන ඒමට ප්‍රධාන ලෙස රජය පාර්ශවයෙන් උදව් කල හිටපු ආරක්ෂක ලේකම් වැනි පුද්ගලයන්ටය. එවිට හමුවන්නේ එදා මෙදා තුර මේ රට විනාශයට පත් කල දේශපාලුවන්ගේ නාමාවලියයි. එවිට සිරිසේන විසින් ඔහුගේ කැබිනෙට්ටුවට ගෙන ආ යෝජනාවට සිදුවන දේ දන්නේ ඔවුන්ම පමණි. මහින්ද රජය මෙන්ම වර්තමාන රජයද කුඩු සමග සමීප සබැඳියාවන් ගොඩනගා ඇත. පසුගිය මැතිවරණයේදී පොහොට්ටුවේ කොළඹ මැතිවරණ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බ්ලුමැන්ඩල් රංග ඇතුළු කල්ලිය මේ රටේ මහා පරිමාන කුඩු ජාවාරම්කරුවෝය. පසුගිය රජයේ මර්වින් සිල්වා සමග සිටි බොහෝ කුඩු ඒජන්තයින් ජෝන් අමරතුංගට පොලිසිය භාර දුන් සමයේදී මේ රටට නැවත අවතීර්ණ විය. සිංගප්පුරු සරත් ඇතුළු පිරිස නැවත තම ජාවාරම පටන් ගන්නේ මේ ආණ්ඩුවේ සමහරක් බංකොලොත් දේශපාලුවන්ගේ බල මහිමයෙනි. දැන් මේ සියල්ලෝම කිසිදු අවහිරයකින් තොරව දේශපාලන රැකවරණ ලබමින් තම හවුල් ව්‍යාපාරය කරගෙන යනු ලබයි. දකුණු ප්‍රදේශය ඉලක්ක කරගෙන මෙරටට කුඩු රැගෙන ආ මාකඳුරේ මධුෂ් වැනි අපතයින් රටින් පිට කරන්නට දේශපාලන සහය අනගිව ලැබී ඇත. අද දවසේ ඔහු ඩුබායි සිට තම ජාවාරම කරගෙන යන අතර , ඔහුගේ ගෝලයින්ට මහා පරිමාණ සොරකම් , මිනීමැරුම් , කුඩු ප්‍රවාහනයට ප්‍රභූ ආරක්ෂක අවියක් වූ ඊශ්‍රායලයේ නිපදවූ ඌසූ මැෂින් තුවක්කුද ලබාදී ඇත. දකුණු පලාතම කුඩු වලින් නහවන කොස්ගොඩ තාරක යනු මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ආධාරකරුවෙකි. පියසේන ගමගේ වැනි දකුණේ දේශපාලුවන් සමග සමීප සබැඳියාවක් ඇති ඔහු, මෙවර පළාත් පාලන චන්දයේදී තම මවද අපේක්ෂිකාවක් වශයෙන් ඉදිරිපත් කොට තිබුණි.

මෙදෙස බලන කල මේ රටේ කුඩු යනු හුදකලා ව්‍යාපාරයක් නොවේ. මීට වසර තුනකට පෙර අත්අඩංගුවට ලක් වූ වෙලේ සුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දුන් සාක්ෂි මත කොතෙක් නම් සුදු කරපටි සොරුන් රටට හෙළි වුනිද ? මෙරටේ පොලිස්පති වරයෙකු වූ මහින්ද බාලසුරියද ඒ අතර විය. ඔහු විසින් දුමින්ද සිල්වා හෙළිදරව් කරමින් දුන් සාක්ෂි මත කිසිදු විටෙක එවකට සිටි රජය හෝ පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළේය. එසේ වී නම් මේ රටේ සියලු දේශප්‍රේමී වෙස් මුහුණු පැළඳ සිටින තක්කඩියන් ගේ නම් වැලක්ම එලියට එනු නොවනු මානය. එමෙන්ම කුඩු මුදල් මේ රටේ කොටස් වෙළඳ පල හරහා සුදු කරමින් මහා පරිමාණ ව්‍යාපාර, ගුවන් විදුලි, රුපවාහිනි නාලිකා ක්‍රියාත්මක කරන කොපමණ පිරිසක් මේ රටේ සිටීද ? මේ සියල්ලම පිටුපස ඇත්තේ දේශපාලන සබැඳියාවන් පමණි. මෙවන් තත්වයක් මැද පොළොන්නරුවේ ගමරාලට දේශපාලනයේ ඇති ඉහලම ආදායම් ලබන ව්‍යාපාරය එල්ලා මරා දැමිය නතර කල හැකිනම් යහපත් දෙයකි. එවිට එල්ලන්නට වන්නේ තම හිත මිත්‍රාදීන් වන නිසා , මේ යෝජනාව ඔහුගේ තවත් කඩු සෙල්ලමකට නොදෙවෙනු ඇත. ඉතා කරුණාවෙන් එක දෙයක් පමණක් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි. මේ රටේ ගැලරිය චුන් කිරීමෙන් වලකින්න..!!

19,645 Viewers

No comments