Header Ads

test

දේශපාලනය වෙනස් නොකර කුඩු-පාතාලය වනසන්න බෑ


පාතාලය හා කුඩු ව්‍යාපාරය පිටුපස ඇත්තේ පැහැදිලි දේශපාලනය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි. වර්ධනය වෙමින් පවතින පාතාලය හා කුඩු ව්‍යාපාරය ගැන දේශපාලනඥයා කුමන ප්‍රකාශ කළද සත්‍ය එය බව බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නැයි මන්ත්‍රිවරයා 'SL News Web' වෙතට ප්‍රකාශ කළේය. පවතින දේශපාලන ක්‍රමය වෙනස් නොකර කිසිසේත්ම කුඩු ව්‍යාපාරය හෝ පාතාල අපරාධ වැළැක්විය නොහැකි බවද දිසානායක මහතා අවධාරණය කළේය. කුඩු ව්‍යාපාර පවත්වාගෙන යන බොහෝ අය දේශපාලනයේ බලවතුන්ගේ ආරක්ෂාව හා අනුග්‍රහය මත යැපෙමින් සිටින බවට ඕනෑවටත් වඩා ඔප්පු වී තිබෙන බවද ඔහු කියයි. රටේ පොලිසිය ඉතාමත් හොඳ පුහුණුවක් හා අත්දැකීම් සහිත නිලධාරීන්ගෙන් සමන්විත මෙන්ම ඕනෑම සිදුවීමක් හෝ අපරාධයක් සෙවීමට හැකියාව ඇති නමුත් ඉහළ දේශපාලන තලය ඊට හරස් වන්නේ නම් අනිවාර්යයෙන්ම දේශපාලන ක්‍රමය වෙනස් කළයුතු බව හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

13,876 Viewers

No comments