Header Ads

test

ජනාධිපති රට ඉදිරියේ කෝලමක් වුයේ ඇයි ? (Video)


2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තංගල්ලට යාම සදහා හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි තමන් නොදන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ කියා සිටියේය.
අපවත් වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 76 වන ගුණ සමරුව අමතමින් සිදු කල දැඩි ආවේගකාරී කතාවේදී ඔහු මේ බව විමසීය.
නමුත් 2016 අපේ‍්‍රල් මස 09 වැනිදා මොණරාගලදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පරජය වූ පසු ගෙදර යාමට හෙලිකොප්ටර ලබා දුන්නේ තමන් විසින් බවයි.
ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාශ දෙකම ඇතුලත් වීඩියෝවක් සමාජ ජාලාවන්හි වේගයෙන් සංසරණය වෙමින් ඇත.
එපමණක් නොව මෙවන් වගකීම් විරහිත විහිළු සපයන ප්‍රකාශ රටේ මුල් පුරවැසියා කිරීමෙන් හැල්ලුවට පත් වන්නේ රටේ උත්තරිතරම පදවිය නොවේද ?


29,775 Viewers

No comments