Header Ads

test

මුදලට තරග පාවාදීම් පිළිබඳ අල් - ජසීරා වාර්තා චිත්‍රපටය

මේ වන විට අල් ජසීරා පුවත්සේවයේ විමර්ශන අංශය විසින් ලෝකයේ පළමු පෙළේ ක්‍රිකට් තරග පාවා දීම සඳහා ‘මැච් ෆික්සර්ස්‘ලා හෙවත් ‘මුදලට තරග පාවා දීම සැලසුම් කරන්නන්‘ විසින් සංවිධානාත්මකව සිදුකර ඇති අන්දම ගැන බොහෝ කරුණු අනාවරණය කර ඇත.
F4
මේ කතාන්දරය ආරම්භ වන්නේ අල් ජසීරා පුවත්සේවයේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ඉන්දියාවේ මුම්බායි නුවරදී ‘මැච් ෆික්සර්‘ කෙනෙක් සමග පැවැත්වූ සාකච්ඡාවක් පටිගත කිරීමට සමත් වීමත් සමග ය.
‘‘මම ඔබට කියන්නෙ, මැච් එකේ ස්ක්‍රිප්ට් එක මට පුළුවන් ඔබට දෙන්න. තරගයේ හැම පන්දු ඕවරයක්ම, හැම ලකුණක්ම රැස් කෙරෙන්නේ ඒ පිටපතේ හැටියටයි...“ යැයි ඔහු කියන්නේ පාරම් බාමිනි. ‘‘තරගවලින් සියයට 60-70 ක් අතර ප්‍රමාණයක් අපට ‘ෆික්ස්‘ කරන්න පුළුවන්..“
‘‘මම කියන විදිහට ක්‍රීඩාකරන්න කැමති පළමු පෙළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙනෙක් විතර මා ළඟ ඉන්නවා..“ යැයි තවකෙක් අවධාරණයෙන් කියයි. ඔහු මේ කතා කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන ගණන් අතමිට රුවාගෙන, පිටපතේ හැටියට තරග පාවාදෙන ජාතික මට්ටමෙන් ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන් පිළිබඳව ය. ‘‘මම කියන විදිහට ක්‍රීඩාකරන්න කැමති පළමු පෙළ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් 30 දෙනෙක් විතර මා ළඟ ඉන්නවා..“ යැයි තවකෙක් අවධාරණයෙන් කියයි. ඔහු මේ කතා කරන්නේ ඇමරිකානු ඩොලර් මිලියන ගණන් අතමිට රුවාගෙන, පිටපතේ හැටියට තරග පාවාදෙන ජාතික මට්ටමෙන් ජය කෙහෙළි නැංවූ ක්‍රීඩකයන් පිළිබඳව ය. 
‘‘ඔබ කියන්නෙ මේ ක්‍රීඩකයන් ජාතික මට්ටමේ අය බවද?“
අල් ජසීරා පුවත්සේවය විමසූ විට ඔහු අවධාරණයෙන් හිස සළයි.
F3
තමන් මේ කතා කරන්නේ ‘අන්ඩකවර් ජර්නලිස්ට්‘ කෙනෙක් සමග බව තරග පාවා දීම සැලසුම් කරන්නා කිසිවිටෙක සැක කළේ නැත. එම මාධ්‍යවේදියා පෙනී සිටියේ එංගලන්තයෙන් පැමිණි, ක්‍රිකට් තරග ගැන ඉතා උනන්දු, තරග ෆික්ස් කිරීමේ අනාගත බලාපොරොත්තු සහිත ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස ය. ඉන්දීය පාතාලයේ සම්බන්ධතා ඇතිව ඔහු මැච් ෆික්සර්ස්ලා කිහිප දෙනෙකු තමන් ලැගුම් ගෙන සිටි අති සුඛෝපභෝගී හෝටල් කාමරයට ගෙන්වා ගැනීමට සමත් වූයේය. ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ ගණනක් සීරුවට අඩුක් කළ බ්‍රීෆ් කේසයක් ද පෙන්වීමට ඔහු පසුබට වූයේ නැත. ‘‘මම සීරියස්.. මගේ අරමුණ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් මොකක්ද කියල මට දැනගන්න අවශ්‍යයි.. “ මුදල් දුටු විගස ඔවුහු කතා කරන්නට පටන් ගත්හ. ඒ කාමරය පුරා රහස් කැමරා සවි කර ඇති බව ඔවුන් නිකමටවත්  සිතුවේ නැත. ලෝකයම සලිත කළ මහාපරිමාණ අපරාධ ජාවාරමක සුලමුල ලෝකය හමුවේ හෙළිදරව් වූයේ එසේ ය. 
එසේ පැමිණි අය අතරින් එක් කෙනෙක්, D Company ලෙස හඳුන්වන මැච් ෆික්සින් සඳහාම පිහිටුවාගත් ආයතනයකට අයත් බව ඉන්දීය බුද්ධි අංශ පසුව තහවුරු කළේය. තමන් වසර 6 ක් 7 ක් තිස්සේම මේ දේ කරන බවත්, ඇතැම් අවස්ථාවලදී සුළු සුළු ප්‍රශ්න පැන නැගුණු නමුත් ඒවා විසඳා ගත් බවත් ඔහු සඳහන් කළේය. ඒ, මුදල් වියදම් කිරීමෙනි. 
D Company හි හිමිකරු වන ඩාවුඩ් ඊබ්‍රාහිම්, ඉන්දීය ජාතික කෝටිපතියෙකු මෙන්ම මාෆියා නායකයෙකු ලෙස ද හඳුනාගත් තැනැත්තෙකි. එසේම ඔහු ‘ගෝලීය ත්‍රස්තවාදියෙකු‘ ලෙස ද හඳුනාගෙන ඇති තැනැත්තෙකි. 2013 වසරේදී ඇමරිකානු ආරක්ෂක අංශ සොයාගත් පරිදි ඩී කම්පැනියේ මහ මොළකරුවන් අන්තර්ජාතික ආයුධ වෙළඳාම, කොන්ත්‍රාත් පදනම මත මිනී මැරීම, මත් වෙළඳාම, පැහැරගෙන යාම් සහ සූදුව වෙනුවෙන් නම් දැරූවන් ය. එසේම මේ සමාගමේ වත්මන් වත්කම්වල වටිනාකම දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.7 කි. වසරකට ඩොලර් බිලියන 6 ක මුදලක් එම සමාගම වටා සැරිසරයි.
F6
වසර 400කට වඩා ඉතිහාසයක් ඇති ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ලෝකයේ රටවල් 125කට වඩා ක්‍රීඩා කරයි. එයට ලැබී ඇති අන්තර්ජාතික පිළිගැනීම, ඉහළ වැටුප් හා දීමනා මෙන්ම තෑගි මුදල් ද විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහළ දමමින් තිබේ. ක්‍රිකට් යනු ‘මහත්වරුන්ගේ ක්‍රීඩාව‘ ලෙස හැඳින්වූ යුගය දැන් අයිති අතීතයට ය. දැන් එය අපරාධ කල්ලි, ඔට්ටු අල්ලන්නන්, සූදු පිටි යනාදී මෙකී නොකී සියලුම සාපරාධී සංචරක අඩු වැඩි වශයෙන් එක් වී තිබේ.
F7
හැන්සි ක්‍රොන්යේ පාපොච්ඡාරණය කරමින්
දකුණු අප්‍රිකාවේ ආදරණීය ක්‍රිකට් නායකයා වශයෙන් වරෙක හැඳින්වු හැන්සි ක්‍රොන්යේ, ඉන්දියාව සමග පැවැත්වූ තරගවලදී තරග පරාජය වීම සඳහා ඩොලර් මිලියන 100කට වඩා වැඩි මුදලක් ලබාගත් බව තහවුරු විය. පාකිස්ථානයේ අන්තර්ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙක්, එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගවලදී ඩොලර් 200,000 කට වඩා ලබාගෙන ඇති බව හෙළි වූයේ 2010 වසරේදී ය. මේ වන විට මුදලට තරග පාවා දීම, අන්තර්ජාතික ක්‍රිකට් තරග අතර මහා පරිමාණයෙන් සිදුවන ජාවාරමක් පමණක් නොව, හසුකර ගැනීමට අපහසු සංවිධානාත්මක අපරාධයක් බවට ද වර්ධනය වී තිබේ. 90 දශකයේ පටන්ම ඔවුන් ක්‍රිකට් තරග මුදලට පාවා දීම් සැලසුම් කළ බවට තොරතුරු තිබේ. මේ වනවිට ඔවුන් ලාභදායී ම සහ නොවරදින මග ලෙස හඳුනාගෙන තිබෙන්නේ තරගයක් පැවැත්වෙන අතරවාරයේ සිදුකරන ‘සෙෂන් ෆික්සිං‘ ය. ඕවර 10,20,30 වැනි කඩඉම්වලදී ක්‍රීඩකයන් ලබාගන්නා ලකුණු ඇසුරෙන් ඔවුන් විසින් අවසානයේ වාර්තා කරන ලකුණ සහ ජය පරාජය කලින්ම ගණනය කරයි. ක්‍රීඩකයන්ට කලින්ම අල්ලස් ලබාදී ඇති නිසා, එහි බලපෑම ද නොවැරදීම ගණනයට එක් කරගනු ලබයි. 

FI1
‘ස්පොට් ෆික්සස්‘ මගින් 2016 දෙසැම්බරයේ එංගලන්තය හා ඉන්දියාව අතර චෙන්නායි හි පැවති තරගයේදීත්, 2017 මාර්තු මාසයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර රාන්චි හි පැවති තරගයේදීත් මුදලට තරග පාවා දුන් බව මෙම වාර්තා චිත්‍රපටයෙන් හෙළි වේ. 
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව නියාමනය කරන ප්‍රධානතම අධිකාරිය වන ICC හෙවත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ අල් ජසීරා පුවත්සේවය විසින් සිදුකළ මෙම විමර්ශනාත්මක සොයාගැනීම් තමන් බරපතළ ලෙස සලකන බව හා වහාම මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ය. 
ශ්‍රී ලංකාවේදී ඕනෑම දෙයක් කළ හැකියි!
f8
‘‘ශ්‍රී ලංකාවේදී මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්..“ යැයි ද මෙම වාර්තා චිත්‍රපටයේදී එක් තරග පාවාදීම සැලසුම් කරන්නෙක් කියයි. හසන් රාසා නමැති ඔහු, 1996-2005 අතර කාලයේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස පාකිස්ථානය නියෝජනය කළේය. හසන් රාසා, එංගලන්තයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙක් යැයි රැවටී පෙර කී අල් ජසීරා මාධ්‍යවේදියා එළිමහනේදී හමු වී මැච් ෆික්සිං රහස් හෙළි කළ කණ්ඩායමේ එක් අයෙකි.
F9
වාර්තා චිත්‍රපටයේ අවසන් රූපරාමු පෙළ වෙන්වන්නේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා ය. ‘‘මෙම ක්‍රීඩාංගනය තුළ කිසිදු ආකාරයකින් ඔට්ටු ඇල්ලීම හෝ සූදු ක්‍රීඩාවක නිරතවීම තහනම් වේ‘යනුවෙන් සඳහන් පුවරුවේ සමීප දසුනක් එහි දිස් වේ. 2018 නොවැම්බර් 6-10 දිනවල එංගලන්තය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මුදලට තරග පාවාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සුදානම් ද යන පැනය එහිදී ඔවුන් විසින් නගනු ලබයි. අල් ජසීරා මාධ්‍යවේදියා ඉන්දියානුවන් සමග පැමිණ ගාල්ල හෝටලයකදී රහස් පටිගත කිරීම් සිදුකර ඇති බව ද වාර්තා වේ.
F10
මේ වන විට මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සම්බන්ධයක් ඇතැයි මෙම වාර්තා චිත්‍රපටය හරහා හඳුනාගෙන ඇත. විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ය.  අල් ජසීරා වාර්තා චිත්‍රපටයේ මෙසේ ද සඳහන් වේ. ‘‘අනීල් මුනවාර්, හසන් රාසා, තරිඳු මෙන්ඩිස්, ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේ අප විසින් නැගූ චෝදනාවලට පිළිතුරු ලබා නොදුන්හ.. තරංග ඉන්දික, තමන් තරග පාවාදීම් කිසිවකට (පිච් ෆික්සිං) සම්බන්ධ නැතැයි පවසයි...“ මේ වන විට මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සම්බන්ධයක් ඇතැයි මෙම වාර්තා චිත්‍රපටය හරහා හඳුනාගෙන ඇත. විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙන්නේ මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස ය.  අල් ජසීරා වාර්තා චිත්‍රපටයේ මෙසේ ද සඳහන් වේ. ‘‘අනීල් මුනවාර්, හසන් රාසා, තරිඳු මෙන්ඩිස්, ජීවන්ත කුලතුංග සහ දිල්හාර ලොකුහෙට්ටිගේ අප විසින් නැගූ චෝදනාවලට පිළිතුරු ලබා නොදුන්හ.. තරංග ඉන්දික, තමන් තරග පාවාදීම් කිසිවකට (පිච් ෆික්සිං) සම්බන්ධ නැතැයි පවසයි...“ 
තරංග ඉන්දික යනු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහාය කළමනාකරු සහ තණතීරු සකසන්නා ය. 
Cricket's Match-Fixers නමැති අල් ජසීරා වාර්තා චිත්‍රපටය මේ වන විට සම්පූර්ණ වශයෙන් යූ ටියුබ් හි අන්තර්ගත කර ඇත.
18,757 Viewers

No comments