Header Ads

test

කෝච්චියේ මාල කැඩූ රත්තරන්ගේ මිලියන 40 වත්කම් නඩුව කල් යන්නේ ඇයි ?


රුපියල් මිලියන හතළිහකට අධික වත්කම් සහ දේපළ නීති විරෝධී ආකාරයට අත්පත් කරගත් බවට චෝදනා එල්ල වී සිටින ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම ජුලි මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය  නියෝග කර ඇත. 

එම නඩුව මැයි 28 කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර් හෙයියන්තුඩුව  ඉදිරියේ කැඳවනු ලැබූ අතර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවත් තම සේවාදායකයා අසනීපයෙන් පසුවන බවට  ඔහුගේ නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරමින් දන්වා ඇති බවත් වාර්තා වෙයි. මෙලෙස රාජපක්ෂ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මහා පරිමාණ හොරකම්, වංචා, දුෂණ මිනීමැරුම් දීර්ඝ ලෙස කල් යාම පිළිබද දැඩි සැකයක් ඇති බව නීති විශාරදයන් පවසති. එමෙන්ම තවදුරටත් ඔවුන් පවසන අන්දමට මෙසේ කල් යැවීමට යම් අයෙකුගේ බලපෑමක් මත මෙය සිදු විය යුත්තක් බවය.

මේ පිළිබද තවදුරටත් සොයා බැලු අප කණ්ඩායමට විශේෂ තොරතුරක් ලැබිණි. ඒ මෙම විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් නඩු දිනට පෙර දින අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාව හමු වීමට ඒ මහතාගේ නාවල පිහිටි නිවසට ගොස් ඇති බවය. මීට පෙරද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිදුරය දරණ සමයේ විවිධ අවස්ථාවන් වල පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ චෝදනා ලැබ සිටින මැති ඇමතිවරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීම මත විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසට ගෙන්වා නඩු කටයුතු වලට විසදුම් ලබා දුන් බව නොරහසකි.    

2004 වසර සහ  2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා නීති විරෝධී ආකාරයට රුපියල් මිලියන 40.1 ක් වටිනා වත්කම් සහ මුදල් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව පවරා ඇත. 

එමෙන්ම විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා දේශපාලනයට පැමිණීමට පෙර ඔහුගේ රැකියාව වුයේද කෝච්චියේ ගමන් කරන මගී ජනතාවගේ කරේ ඇති මාල කැඩීම බව රටම දන්නා කරුණකි. ඒ නිසා ඔහුට රත්තරන් ලෙස නාමයක්ද පටබැදී ඇත. එයින් එහාට ගිය කරුණක්ද ඇත. මෙම විත්තිකාර රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා දේශපාලනයට පැමිණීමට පෙර, චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්න මහතා ලග රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර මෑත කාලයක එතුමාගේ දියණියක් වන අචිනි එදිරිවීර මහත්මිය මෙලෙස අදහස් පල කර තිබිණි. 

“මගේ පියාගේ රියදුරා වශයෙන් ඔහු අපේ නිවසට පැමිණියේ පාපැදියෙන්. මගේ පියා සමඟ ඔහු ඉතා සමීපව දේශපාලනය කලා. ඔහුට දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව දුන්නා.

පවුලේ කිසිවෙකුටත් ඒ අවස්ථාව නොදී පියා ඔහුට ඒ අවස්ථාව දුන්නේ දේශපාලනය කියන්නේ පවුලේ බූදලයක් නොවන නිසා.

ඉතා දිළිදු ජීවිතයක් ගතකර, කෝච්චි වල මාල කැඩූ, රෝහිත දැන් බිලියනපතියෙකු වුයේ කෙසේද ?  

අහිංසක දුප්පත් ජනතාව දහදිය මහන්සියෙන් ගෙවන බදු මුදල් කොල්ල කෑ මෙවන් පුලන්නන්ට මෙලෙස රෙදි කඩකින් දෑස බැදී නීතියේ දෙවගනව මහා දවාලේ දුෂණය කරන්නට ඉඩ හැර ජනවාරි 8 ජනතා පැතුම් විනාශ කරමින් මෛත්‍රී, රනිල් ප්‍රමුඛ යහපාලනයට ඉදිරියට යා හැකිද ? 

17,634 Viewers

No comments