Header Ads

test

My3 ගේ 20/20 game එක.


නිකමට වත් කල්පනා කලාද ඇයි මේ මෛත්‍රී එජාප නායකයා අගමැතිකමෙන් එලවන්න දඟලන්නෙ කියල ? තම මාධ්‍ය අංශය එලිපිටම එලියට බස්සල එජාපය දුර්වල කරන්න එජාප නායකයා දුර්වල කරන්න කල හැකි සියල්ලම කරමින් තමන්ගේම පූර්ණ මෙහෙය වීමෙන් අගමැති මාරු කරන්න ගිහින් එය අසාර්ථක උනාම විශ්වාසභංග ගෙනත් අගමැති එලවන්න උත්සාහ කරල ඒකත් බැරි උනාම ආයෙ වෙන වෙන උපක්‍රම අත්හදා බලමින් ඉන්නෙ ඇයි කියල ?

මේ සියල්ලම 2020 ජනපතිවරණ සටනේ ගේම් , කවුරු මොනවා කිවුවත් 2020 ජනාධිපතිවරණයේ වාසිය තියෙන්නෙ එජාපය ප්‍රමුඛ බලවේගයන්ට. පුංචි චන්දෙ පොහොට්ටුව දින්නට ක්‍රම ක්‍රමයෙන් මහින්දගේ චන්ද අඩුවීම නිරීක්ෂනය කරන්න පුළුවන්. ඒ වගේම එජාපයේ හවුල්කාර පක්ෂ බොහොමයක් තනිවයි මැතිවරණ සටනට බැස්සෙ. ඒ වගේම TNA එක හෝ නිදහස් පක්ෂයේ දැනට ඉතුරුවෙලා ඉන්න අයගෙන් රෙදි අඳින ඇමතිල කීප දෙනත් මහින්දගේ චන්ද පදනම ශක්තිමත් කරන්න එකතු වෙන්නෙ නෑ. ඒ සියලුදෙනා එක්ව එජාපය පැත්තේ හිට ගත්තම තරාදියෙ එජාප පැත්ත බරයි කියන එක දේශපාලනය ගැන අවබෝධයක් තියෙන ඕනෙම කෙනෙකුට තේරෙනවා.

පොහොට්ටුවේ තාම නිශ්චිත තරඟ කරුවෙක් නෑ එයාලට ගෝඨාභය ඇරෙන්න වෙන මාර්කට් කරන්න පුළුවන් කවුරුත් නෑ. ගෝඨාභය ඉල්ලුවොත් නම් යූඑන්පී එකට මහන්සි වෙන්න දෙයක් නෑ එයාව පරද්දන්නෙ මින් පෙර ලියපු ලිපියකින් මම ඒ ගැන අනාවරණය කලා. එමෙන්ම දේශපාලන ඉවක් තියෙන මහ පොලවේ දේශපාලනය කරන අයට ඒක රහසක් නෙවෙයි.

එහෙනම් UNP/ UNF අපේක්ෂකයා කවුද ? අන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තය ඉලක්ක කරන්නෙ ඒකට. මෛත්‍රීට ඕනෙ දවස් හතරෙන් නැති කරනවා මම ඉල්ලන්නෙ එක පාරයි කියපු විධායක ජනාධිපති පුටුවේ තව වරක් රස බලන්න. ඒකට එයාට තියෙන ලොකුම බාධකය රනිල්, රනිල් අයින් කරන්නෙ නැතිව මෛත්‍රීට කවදාවත් එජාපය පෙරටුකරගත් සන්ධානයක පොදු අපේක්ෂකත්වය ලැබෙන්නෙ නෑ කියන එක. ඒකට හේතු කීපයක් තියෙනවා 2020න් පස්සෙ වත්මන් එජාප නායකයාට පක්ෂ නායකත්වය රැකගන්න නම් ජනාධිපතිවරණයට ඉල්ලන්නම වෙනවා. ඒකයි තමන්ගේ උපදේශකයා වන ශිරාල් ලක්තිලක හා තමන්ගෙ නිල මාධ්‍ය ආයතන විදියට තියාගෙන ඉන්න කිලි මහරාජාගේ සිරස දම්මල, මෛත්‍රී ගුණරත්න දම්මල පාගමන් එවල ජනාධිපති මාධ්‍ය අංශය ලවා පක්ෂ අභ්‍යන්තර ගැටුම් වලට පාර කපල, දිගින් දිගටම රනිල් එලවන්න ප්ලෑන් කරන්නෙ. රනිල් එලවල ගේන්න හදන්නෙ කවුද ? ඒ සජිත් ඇමතිතුමා. හැබැයි ඔබට මතක නම් සජිත් ඇමතිතුමා මින් පෙර ප්‍රකාශ කලා එතුමා 2020 ජනපතිවරණයට ඉදිරිපත් වෙන්නෙ නෑ කියල. සජිත්ගෙ බලාපොරොත්තුව තියෙන්නෙ 2025 ගැන. 2025 තමා සජිත් ඇමතිතුමාට සුදුසුම කාලෙ දැන් ඉන්න ජේෂ්ඨ නායකයො සියල්ලම වගේ දේශපාලනිකව විශ්‍රාම ගිහින් ඒ වගේම සජිත ඇමතිතුමාට අවශ්‍ය පරිදි පක්ෂ යාන්ත්‍රණය ගොඩනගාගන්නත් කාලය තියෙනව. පොඩි පොඩි චරිත ටිකක් එක්ක 2025 දි තනි ගේමක් ගහල පැහැදිලිව දිනන්න පුළුවන්. ඉතින් මේ වෙලාවෙ එජාපය සජිත් අතට ගන්න මෛත්‍රීපාල සිරිසේන ජනපතිගෙ උත්සාහය සාර්ථක උනොත් සජිත් ඇමතිතුමාගෙ සහය සමගින් පොදු අපේක්ෂකයෙක් ලෙස නැවත මෛත්‍රී යුගයක් ගැන කතා කරන්න පුළුවන් වෙයි.

කණ්නාඩියට දෙන්න කිවුවම කණ්නාඩියට දුන්න ෆොන්සේකට දෙන්න කිවුවම නිදහස් පක්ෂ මහ ලේකම්ට දෙන්න කිවුවම එයාටත් දුන්න නායකත්වයට ගරු කරන පාක්ෂිකයො සජිත් නායකයා උනාම කොච්චර ගැටලු තිබ්බත් මෛත්‍රිට අපේ පාක්ෂිකයො චන්දෙ ගන්න පුළුවන් කියල හිතාගෙන ඇති. ආන්න එතන තමයි මෛත්‍රී මහත්තයගෙ ප්ලෑනෙ වැරදුන තැන. දැන් මෛත්‍රී වෙනුවෙන් එජාප පාක්ෂිකයින්ගෙන් නම් උරුම වෙන්නෙ පිලිකුලම පමණයි. ඔය ගුණමකුවට ආයෙ චන්දෙ දෙන්න කියල වත්මන් අගමැති තුමා කිවුවත් පාක්ෂිකයො අහන්නෙ නෑ. ඒ වගේම සජිත් ඇමතිතුමාත් මෛත්‍රී ගේ මේ කුමන්ත්‍රණය පරාජය කිරීම උදෙසා සජිත් ඇමතිතුමාත් කැපවීමෙන් වැඩ කරන්නේ. ඒකයි මේ වෙලාවෙ සජිත් ඇමතිතුමා නායකතුමාව රකින්නෙ. මියෙම්වා හෝ රැකෙම්වා කියල වත්මන් අගමැති සහ ජනපති දෙදෙනාම ජනපතිවරණ සටනට නියතවම එනු ඇති. ගෝඨා පැමිණිය හොත් නිතරඟයෙන්ම ද ගෝඨා වෙනුවට බැසිල් ගෙනාව හොත් යම් තරඟයක් සහිතවද රනිල් වික්‍රමසිංහයන් ජනපතිවනු ඇති. ඒ ජයග්‍රහණයේ සැබෑ හිමිකරුවා මෛත්‍රීගේ මේ සැලසුම ඉතා සාර්ථකව ව්‍යර්ථ කල සජිත් ප්‍රේමදාස ලෙසින්ම අනාගත දේශපාලන ලෝකයේ මෙන්ම 2025 ජනපතිවරණ සටනේදීද කතා බහට ලක්වේවි. යම් ලෙසකින් මෛත්‍රී ගේ සැලසුම සාර්ථක වී එජාප නායකයා ඉවත්කරගත හැකි වුවහොත් පොහොට්ටුවෙන් එන ඕනෑම අපේක්ෂකයෙක් මෛත්‍රී සමග තරඟ වැද පුටීන්ගේ වාර්ථාවත් බිඳ දමනු ඇති

දිනේශ් රවිචන්ද්‍රරාජා 

19,379 Viewers

No comments