Header Ads

test

ඇමතිකම් බෙදාගන්න බැරිව එජාපය දැඩි අර්බුදයක


කැබිනට් අමාත්‍යධුර ඇතුළුව සමස්ථ අමාත්‍යංශ සංශෝධනය සඳහා සියල්ල සුදානම් කර ඇති නමුත් ඊට අදාළව එක්සත් ජාතික පක්ෂයේ අවසන් එකඟතාව මෙතෙක් ලැබී නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
එජාප අවසන් එකඟතාව ඇතුළත් ලියවිල්ල කඩිනමින් ලැබුණහොත් අද (12) අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ හැකි බවත් එසේ නොවුණහොත් එය ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය සංචාරයෙන් පසුව සිදුකරන්නට වන බවද එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.
මේ පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වෙතින් විමසූ විට ඔහු සඳහන් කර සිටියේ තම පාර්ශවයේ අමාත්‍යධුර නම් ලැයිස්තුව සැකසීමේ අවසන් අදියරයේ පවතින නමුත් පක්ෂ අභ්‍යන්තරයේ ප්‍රශ්න කිහිපයක් හේතුවෙන් එය අවසන් කිරීමට නොහැකිව ඇති බවය.
එජාපය සමෘද්ධිය ඉල්ලයි : ශ්‍රීලනිපය ප්‍රතිචාර නොදක්වයි
එජාප ප්‍රබලයා සඳහන් කළ ආකාරයට ආණ්ඩුවෙන් ඉවත්කළ එස්.බී.දිසානායක අමාත්‍යවරයා සතුවූ සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශයේ "සමාජ සවිබලගැන්වීම්, සුබසාධන" යන විෂය එජාප අමාත්‍යවරයෙකුට අවශ්‍ය බව දන්වා ඇතත් ඊට මෙතෙක් ශ්‍රීලනිප පාර්ශවයෙන් ප්‍රතිචාර දක්වා නැත.
එජාපය මෙම විෂය ඉල්ලා ඇත්තේ පසුගිය පාලන සාමය තුළ බරපතල අසාධාරණයන්ට ලක්වූ සිය පාක්ෂිකයන්ට සහනයක් ලබාදීමේ අපේක්ෂාවෙන් බවත් විශේෂයෙන් සමෘද්ධිය කපා දැමීම ඇතුළු අසාධාරණකම් රැසක් සඳහා සහනයක් සැළසීමට අපේක්ෂාවෙන්ය. එසේම හිටපු අමාත්‍ය එස්.බී. දිසානායකද පංගු බේරුවට වැඩ කළ බවත් ඒ තුළට ආණ්ඩු බලය දැරුවත් පාක්ෂිකයන්ට යමක් කරන්නට නොහැකිවූ බවද ඔහු පවසයි.
එමෙන්ම ශ්‍රීලනිප පාර්ශවයෙන් පුරප්පාඩු වූ අමාත්‍යධුර සඳහා ඔවුන්ගේ පාර්ශවය වෙතින්ම අමාත්‍යවරුන් පත්කර ගන්නා බවත්, එම විෂය කොටස්ද එලෙසින් තබා ගැනීමට ඔවුන් එකඟ නොවන බවට දැනගන්නට ඇති බවද එජාප ප්‍රබලයා සඳහන් කර සිටියි.
රංගේබණ්ඩාර ඇතුළු පිරිසකට කැබිනට් දෙන්නේ කොහොමද යන්නත් ප්‍රශ්නයක්
තවද මේ වන විට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර ඇතුළු පිරිසකට කැබිනට් අමාත්‍යධුර ලබාදීම සම්බන්ධවද පක්ෂයේ අවධානය යොමුවී ඇති නමුත් අමාත්‍ය විෂයන් සම්බන්ධව මතුව ඇති ප්‍රශ්න හේතුවෙන් දුෂ්කරතාවකට මුහුණදී ඇති බවද ඔහු පවසයි.
විශේෂයෙන් පුත්තලමට කැබිනට් අමාත්‍යධුරයක් නොමැතිවීම සම්බන්ධව රංගේබණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා පක්ෂය සමග නොසතුටකින් පසුවන බවත් ඒ ගැන හෝ සළකා බැලීමට අමාත්‍යවරුන්ගේ විෂය කොටස් කිරීම හමුවේ තිබෙන විරෝධතා බලපා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
එසේම පසුගිය සමය තුළ සක්‍රීව පක්ෂය වෙනුවෙන් මැදිහත්වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමට සහ ඒ වෙනුවෙන් යෝජනාවූ මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත් ඔවුන් අතුරින් කිහිප දෙනෙකුට තනතුරු ලබාදීමට හැකි නමුත් ඒ කවර මන්ත්‍රීවරුන් සඳහාද යන්න සම්බන්ධවද තීරණයක් ගැනීමේ අපහසුතාවක් මතුව තිබෙන බවත් එජාප ප්‍රබලයා SL News Web වෙත පැවසීය.
9,078 Viewers

No comments