Header Ads

test

ඔලු ගෙඩි මාරුවක් නෙවෙයි අපිට ඕන පක්ෂ නායකත්වයේ වෙනසක් - එජාප පසුපෙළ


එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පක්ෂයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැති ධුරවලින් ඉවත් කර පුරප්පාඩු වන ඇමැති ධුර සඳහා තරුණ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහද කැරලිකාර මන්ත්‍රීන්ට එකඟතාව පළකර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එජාප සභාපති මලික් සමරවික්‍රමගේ නිවසේදී කැරලිකාර මන්ත්‍රීන් සමග පැවැති හමුවකදී මෙම කාරණාව සාකච්ඡා කර තිබේ.

එහෙත් එම යෝජනාවට එකඟ වී නැති කැරලිකාර මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් බලා‍පොරොත්තු වන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් මිස ඔළු ගෙඩි මාරු කිරීමක් නොවන බවයි.

12,456 Viewers

No comments