Header Ads

test

විශ්වාසභංග උණුසුම අස්සේ බැසිල්ගෙන් රනිල්ට ලැබුණු සහතිකය


මේ දිනවල රටේ උණුසුම් කතාබහ වනුයේ රනිල්ට එරෙහි විශ්වාසභංගයයි. මේ දේශපාලන පොර පිටියේ විවත මෙන්ම රහසිගත සාකච්ඡා එමටය. අද (03) පස්වරු 1.45 ට පමණ අරලිය ගහ මන්දිරයට විශේෂ දුරකථන ඇමතුමක් ලැබී ඇත. එය පළමුවෙන්ම ඇමති සාගල වෙත ලැබී ඇතත් ඔහු විසින් අගමැතිවරයාට හුවමාරු කර ඇත. ඒ කතා කර ඇත්තේ අන් කවරෙකුත් නොව බැසිල් රාජපක්ෂය.

බැසිල් විසින් කතා කර ඇත්තේ විශ්වාසභංගය ගැනය. එහිදී බැසිල් රාජපක්ෂ විසින් අගමැතිවරයාට සහ සාගල අමාත්‍යවරයාට පවසා ඇත්තේ මේ විශ්වාසභංගය අගමැතිවරයා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය සැලසුම යොදා ඇති බවත් මගෙන් සහ අයියාගෙන් ( මහින්ද රාජපක්ෂ ) වෙන්න යුතුකම ඉටු කරමින් යන බවත් පවසා ඇත. තව දුරටත් පවසා ඇත්තේ එජාපයේ  රනිල්ට එරෙහි අයව ශේප් කර ගන්නා ලෙසත්ය. මේ විශ්වාසභංගය ඔබතුමා ජයග්‍රහණය කරන්න අවශ්‍ය අපේ අයගේ සහතිකය මම දෙන්නම්. ඔබතුමා අපට දීපු උදව් වලට ඔන්න අපි ගුණේ තිබ්බා යැයිද පවසා ඇතැයිද SL Newss Web අප වෙත තොරතුරු ලැබී ඇත.

අද වනවිට අපේ රටේ ජනතාව පිල් බෙදී මරා ගත්තද තිරයෙන් පිටුපස මොවුන් ගජ මිතුරන්ය. 

සබැදි පුවත් : 

01. රහස් චන්දය තිබ්බොත් මහින්දත් අනිවාර්යෙන්ම රනිල්ට තමා
02. මහින්දගේ දෙබිඩි දේශපාලනය

19,254 Viewers

No comments