Header Ads

test

ප්‍රතිපත්ති ගැන කතා කරන ප්‍රතිපත්ති නැති බංකොලොත් දේශපාලුවන්


අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයේදී එයට පක්ෂව සිට ගන්නා බව පෙන්වූ ප්‍රතිපත්ති ගරුක යැයි පෙන්වීමට උත්සහ දරන බංකොලොත් දේශපාලන ඩබලකගේ කුජිත අවස්ථාවක් පිලිබදව අප හෙළි කරන්නෙමු. ඉන් පළමුවැන්නා අතුරලියේ රතන හිමියන්ය. උන් වහන්සේ මෙම විශ්වාසභංගය තුල ක්‍රියා කල ආකාරය පිළිබද ඇත්තේ කණගාටුවකි. රනිල්ට එරෙහිව චන්ද ප්‍රකාශ කිරීමට වහසි බස් දෙඩවූ උන් වහන්සේ චන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සභා ගර්භයේද සිටියේ නැත. 

දෙවැන්නා වනුයේ කුප්‍රකට ඩිල්දාස නොහොත් විජේදාස රාජපක්ෂ මහතාය. ඔහු හැමවිටම ජනතාව ඉදිරියේ ප්‍රතිපත්ති ගරුක යැයි පෙන්නුවද ඔහුගේ බංකොලොත් භාවය අවස්ථා කිහිපයක මනාව පිළිඹිබු විය. ඉන් එක් අවස්ථාවක් වුයේ විකිණීම සහ බදු දීම අතර වෙනස නොදන්නා ජනාධිපති නීතිඥ පට්ටම මුදලට ගෙන කයිවාරු කාරයෙකු කුජිත වූ අවස්ථාවය. ඔහු කැබිනට් ඇමතිවරයෙකුව සිටිමින් ආණ්ඩුවේ සෑම සාමුහික තීරණයකටම අත ඔසවා, ඔහුගේ බංකොලොත් ඩිල් දේශපාලනය නිසා ඇමතිකමෙන් එලවන අවස්ථාවේ ඔහුම ඇත ඔසවා අනුමත කල දෑ විවේචනය කල අමනොඥ අවස්ථාවය. තවත් ආසන්නම කරුණ නම් මෙම විශ්වාසභංගයේ  රනිල්ට එරෙහි මත දරා මන්ත්‍රී පට්ටම රැක ගැනීමට විශ්වාසභංග චන්ද විමසීමේදී රනිල්ට පක්ෂව චන්ද ප්‍රකාශ කරමින් පජාත වූ අවස්ථාවය.

19,878 Viewers

No comments