Header Ads

test

විශ්වාසභංගට මොණර කොල වලින් වෙන්දේසි වෙන මන්ත්‍රී ඔලු ගෙඩි


අද රටේ දේශපාලනය උණුසුම්ය. තැන තැන රහසිගත සාකච්ඡාය. තීරණාත්මක දිනකට තව එක දවසකි. ඒ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග පාර්ලිමේන්තු විවාදය එදිනට යෙදී ඇත. අගමැතිවරයාට ඒකාබද්ධයෙන්  විශ්වාසභංගය ගෙන ආවද තමන් නායකත්වය දරණ එජාපයේද විශ්වාසය භංග වීමද පහරක් වී ඇත. ඒ අන් කිසිවක් නිසා නොව බලයට පැමිණි පසු පාක්ෂිකයන් අමතක කර සාගල, මලික්, අඛිල වැනි පාක්ෂිකයන්ගේ අප්‍රසාදයට ලක්ව ඇති අය මෙන්ම ගජ මිතුරන් ලං කර ගනිමින් පක්ෂය විනාශය කරා ඇද තිබීම නිසාවෙන් බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.එම නිසා පක්ෂය තුල නායකත්වය එලවිමට කැරැල්ලක් හිස ඔසමින් ඇත. විශ්වාසභංගය නම් තොණ්ඩුවේ බෙල්ල මුලට රනිල් හිරවීමට මෙයද බලපා ඇත. 

එක්සත් ජාතික පෙරමුණේ විකිනුණු ඇමති කට්ටුව

විශ්වාස භංග මරාලය අස්සේ මන්ත්‍රී ඔලු ගෙඩි බිලි බා ගැනීම් මේ දිනවල එමටය. මුදල් වලට විකිණෙන මන්ත්‍රී ඇමති පට්ටම් වලට වෙනස් ආකාරයේ ලංසු ලැබී ඇත. ඒ අනුව මන්ත්‍රීවරයෙකුට ලක්ෂ 100 සිටද ඇමතිවරයෙකුට ලක්ෂ 200 සිටද පක්ෂයක් හෝ කණ්ඩායමක් හිමි අයෙකුට ලක්ෂ 400 සිට ඔෆර් ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙහිදී පාර්ලිමේන්තු පැමිණ චන්දය පක්ෂව ප්‍රකාශ කිරීමට, ප්‍රකාශ නොකර සිටීම, පාර්ලිමේන්තුවට නොපැමිණීම යන ඔප්ෂන් මුදල් ගන්නා මන්ත්‍රී ඇමති කට්ටි වලට තීරණ කල හැකි බවද දැන ගන්නට ලැබී ඇත.  මෙම මුදල් ලබා දීම් විවිධ පුද්ගලයන් විසින් සිදුවන අතර එහි ප්‍රධාන පුද්ගලයා වනුයේ කුප්‍රකට මලික් සමරවික්‍රම අමාත්‍යවරයාය.  අගමැතවරයා ජයග්‍රහණය කිරීමට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා මේ දිනවල කෝටි ගණන් වලින් ගනුදෙනු කරන බවට අප වෙත තොරතුරු ලැබී ඇත. එහි ආසන්තම සිද්ධිය වුයේ මුස්ලිම් අමාත්‍යවරුන් දෙදෙනෙක් වන හකීම් සහ බදුර්දීන් යන දෙදෙනාට මිලියන 500 බැගින් පොරොන්දු වී ඇති බවත් දැනට මිලියන 300 බැගින් ලබා දී ඇති බවත් තොරතුරු ලැබී ඇත. ඉතිරි මිලියන 200 බැගින් මුදල ඔවුන්ට අයිති අමාත්‍යංශ වලට ඉදිරියේ ලබා දෙන සංවර්ධන ව්‍යාපෘති වලින් ලබා ගන්නා ලෙසත් දැනුම් දී ඇත. මේ අකාරයටම මනෝ ගනේෂන් අමාත්‍යවරයාට සහ දිගම්බරම් අමාත්‍යවරයාටද ලබා දී ඇත.

මුදලට වෙන්දේසි වූ රතු අලි පැටියා 

මේ අතරතුර දෙමල සන්ධානය මුදල් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් ඉල්ලන කොන්දේසි පමණක් ඉටු කරන ලෙසට ගිවිසුම් ගතව ඇත.  මේ අතර තුර මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක්ද අද දින සිදුව ඇති අතර එහිදීද චෙක්පතක් මලික් සමරවික්‍රම මහතා ලබා දී ඇති අතර එම මුදල පිළිබද අප වෙත තවම තොරතුරු ලැබී නොමැත. නමුත් මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් මසකට වරක් අනුර කුමාර ජවිපෙ නායකයාට මිලියන 1.25 ක් ලබා දීම අද වනවිට ප්‍රසිද්ධ රහසකි. මෙහිදී ජවිපෙ කිහිප දෙනෙක් පාර්ලිමේන්තු නොපැමිණ සිටිනු ඇත.

තිරයෙන් පිටුපස වෙන්දේසි වූ ඒකාබද්ධයේ ඔලුගෙඩි  

මේ අතරතුර මහින්ද, බැසිල් විසින් තිරයෙන් ඉදිරියේ රනිල්ට විරුද්ධ බව පෙන්වමින් තිරයෙන් පිටුපස රනිල්ගේ ජයග්‍රහණය කරවීමට කටයුතු කරමින් පවතින බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි. ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා විසින් තොන්ඩමන් මන්ත්‍රීවරයාට සහ ඒකාබද්ධයේ පිරිසකටද මෛත්‍රී පාර්ශවයේ ශ්‍රීලනිප පිරිසකට මුදල් ලබා දී යහමින් සලකා ඇති බවටද අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් සදහන් වේ. ඒකාබද්ධයේ එලෙස මුදල් ලබා ගත් අයෙකු ලෙස අපට තොරතුරු ලැබී ඇත්තේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. ඔහුට ලක්ෂ 250ක මුදලක් ලැබී ඇති අතර ඔහු විසින් එම මුදලින් සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන ඇත. මෙහිදී මන්ත්‍රී අරුන්දිකට බැසිල් විසින් මලික් හරහා මුදල් ලබා දී ඇත. මෙහිදී මන්ත්‍රී අරුන්දික පාර්ලිමේන්තු නොපැමිණිමේ ගොන්නට වැටෙන බවට තොරතුරු ලැබී ඇත.  මේ අයුරින් මන්ත්‍රී ඔලුගෙඩි වෙන්දේසි වීම සුලබව සිදු වෙමින් ඇත. 

මොවුන් මේ අත දිගහැර වියදම් කරන මුදල් කාගේද ? රටේ ජනතාව මොවුන්ගෙන් විමසිය යුතු කාලය එළඹ ඇත.

27,183 Viewers

No comments