Header Ads

test

රනිල්ට එරෙහි විශ්වාසභංගයෙදී ශ්‍රීලනිප පිරිසක් පක්ෂව අවි ඔසවයි.


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාවේදී ඊට පක්‍ෂව ඡන්දය භාවිත කරන බව ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රිලනිප මැති ඇමති වරුන් පිරිසක් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියහ.
මෙම මාධ්‍ය හමුව සදහා ඇමතිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, චන්දිම විරක්කොඩි, ඩිලාන් පෙරේරා, සුසන්ත පුංචි නිලමේ, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටිති.

විශ්වාස භංගයේදී අගමැති රනිල්ට විරුද්ද නොවූ ශ‍්‍රීලනිප මැති ඇමති පිරිස මෙන්න..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාස භංග යෝජනාවට අදාලව පාර්ලිමේන්තුවේදී පැවති ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.
එම පිරිස මෙසේය.
  • මහින්ද අමරවීර
  • සරත් අමුණුගම
  • නිමල් සිරිපාලද සිල්වා
  • දුමින්ද දිසානායක
  • ෆයිසර් මුස්තාෆා
  • මහින්ද සමරසිංහ
  • රංජිත් සියඹලාපිටිය
  • විජිත් විජේමුණි සොයිසා
  • පියසේන ගමගේ
  • මොහාන් ලාල් ගේ‍්‍රරු
  • ශ‍්‍රියාණි විජේවික‍්‍රම
  • ලක්‍ෂමන් සෙනෙවිරත්න
  • ඒ.එච්.එම්. ෆවුසි
  • ඒ.එල්.එම්. හිස්බුල්ලා
  • ලසන්ත අලගියවන්න
  • සාරධී දුෂ්මන්ත
  • මනුෂ නානායක්කාර
  • ඉන්දික බණ්ඩාරනායක
  • නිශාන්ත මුතුහෙට්ටිගම
  • මලිත් ජයතිලක
  • වීරකුමාර දිසානායක
  • ආරුමුගම් තොණ්ඩමන්

11,665 Viewers

No comments