Header Ads

test

මංගල රාජිත එජාපය ඇතුලට ගන්න යයි.?


එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ යටතේ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හට ඉහල වගකීමක් පැවරිය යුතු බවට යෝජනා වී ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

මංගල සමරවීර මහතා 2006 වසරේදී රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වී මහජන පාර්ශවය පිහිටුවා ආණ්ඩුවට අභියෝග කල අතර අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් එක්සත් ජාතික පක්ෂයට එක්වුවද ඔහුට මෙතෙක් කිසිඳු වගකිවයුතු තනතුරක් ලබාදී නොමැත.

රාජිත සේනාරත්න මහතා 2015 ජනවාරි 8 යහපාලනය ගෙන ඒමට රාජපක්ෂ රෙජීමයෙන් එලියට බැස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව මරණ වරෙන්තුව අතට ගෙන කටයුතු කල ප්‍රධාන දේශපාලඥයෙක් වන අතර යහපාලන ආණ්ඩුව තුල එජාපයට ඒකාබද්ධ විපක්ෂය විසින් විටින් විට එල්ල කල ප්‍රහාර වලට ශක්තිමත්ව මුහුණදී නායකත්වය මෙන්ම පක්ෂය ආරක්ෂා කිරීමට මහගු සේවයක් කල නිසා පක්ෂයේ ඉහල වගකීමක් පැවරීය යුතු බව යෝජනා වී ඇත.   එම පක්ෂයේ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් අද පැවති සාකච්ජාවකදීය.

මෙහි ආසන්තම සිදු වීම ලෙස එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හා ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාස භංගය පරාජය කිරීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ අමාත්‍ය මංගල සමරවීර මහතා ලබා දුන් දායකත්වයට කෘතගුණ සැලකීමක් වශයෙනුත්, ඔවුන්ගේ දක්ෂතාවයෙන් හා පළපුරුද්දෙන් උපරිම සේවයක් එජාපය වෙත ලබා ගැනීම සඳහාත් සේනාරත්න මහතාට සහ  සමරවීර මහතාට ඉහල වගකීමක් පැවරිය යුතු බවට යෝජනා වී ඇත්තේ,

පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කරන බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ප්‍රතිඥාවක් මත ප්‍රතිසංවිධානයට අදාළ කමිටු ත්‍රිත්වයේ නිර්දේශ හා යෝජනා පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ එජාප පාර්ලිමේන්තු කණ්ඩායම අද දිනයේ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

එහිදී එජාප නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ස්ථාපිත කිරීමට ද යෝජනා වී ඇතැයි පැවසේ.

27,154 Viewers

No comments