Header Ads

test

රනිල් අගමැති ධුරයෙන්, පක්‍ෂ නායකත්වයෙක් ඉවත් කල යුතුමයි..- රංග බණ්ඩාර යලි තහවරු කරයි..


අපි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් ඉල්ලුවේ එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන ලෙසයි. නමුත් එතුමා පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා වෙනුවට වාහන හා මුදල් ලබාදීලා ප්‍රශ්නය යටගහන්න හදනවා යැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්‌ඩාර මහතා (03) ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්ෂයට තවදුරටත් ඉදිරියට යා නොහැකි නිසා එතුමා අගමැති තනතුරින් හා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරනතුරු සටන ඉදිරියටම ගෙන යන බවද ඒ මහතා අවධාරණය කළේය.

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී මේ බව ප්‍රකාශ කල රංගේ බණ්‌ඩාර මහතා වැඩිදුරටත් අදහස්‌ දක්වමින් මෙසේද කීය.

එක්‌සත් ජාතික පක්‍ෂය මේ වන විට ජනතාව අතර දැඩි අසීරුතාවයට පත්වෙලා. මලික්, සාගල, අකිල වගේ අය නිසා බිම් මට්ටමේ පාක්ෂිකයන් දැඩි ලෙස කලකිරිලා. මෙවැනි අයට පක්ෂයේ තනතුරු, ඇමතිකම් දීලා පක්ෂය විනාශ කරනවා. ඇදේ ප්‍රශ්න පක්ෂයට අදාළ කර ගත යුතු නැහැ. පක්‍ෂ නායකත්වය එයට වග කියන්න ඕනෑ. ඒ නිසයි අපි පක්‍ෂය ප්‍රතිසංවිධානය කරන්න කියලා කිව්වේ. ඒකට කරන්නේ අපි ගෙන්නලා එක එක තනතුරු වාහන සල්ලි දීලා සනසන්න හදනවා.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කමෙනුත් පක්‍ෂ නායකත්වයෙනුත් ඉවත්ව යා යුතුය යන මතයේ මමත් එජාපයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසකුත් ඉන්නවා. අපි අපේ මතය වෙනස්‌ කරන්නේ නැහැ. මටත් පෞද්ගලිකව හමුවෙන්න කියලා අගමැතිතුමා දැනුම් දුන්නා. ඒත් මට එහෙම වැඩක්‌ නැහැ. අපිට පෞද්ගලිකව විසද ගන්න ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමා සමග මට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇත්තෙත් නැහැ. පක්‍ෂය ප්‍රතිසංවිධානය නොකර මොන දේ කළත් වැඩක්‌ නැහැ.

මෙයා ප්‍රතිසංවිධානය කරන්න හදන්නේ සාගල, අකිල වගේ අයව තනතුරු වලට දාලා. මෙයාලා පාක්ෂිකයන්ගේ අවශ්‍යතා දන්න මිනිස්සුද ? එකෙනුත් නායකත්වය බලන්නේ බලය තර කර ගන්න.

අපි දිගටම අපේ මතයේ ඉන්නවා. මේ නායකත්වය වෙනස්‌ විය යුතුයි. එහෙම නොවුණොත් එක්‌සත් ජාතික පක්‍ෂයට දෙවියන්ගේම පිහිටයි, යනුවෙන්ද රංගේ බණ්‌ඩාර මහතා කියා සිටියේය.

18,234 Viewers 

No comments