Header Ads

test

විශ්වාසභංග යෝජනාව වැඩි ජන්ද 46කින් රනිල් ජයගනී : යෝජනාවට විරුද්ධව 122 යි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්ද 76ක් ලැබුණ අතර විපක්ෂව ජන්ද 122ක් ලැබිණ.
ඒ අනුව වැඩි ජන්ද 46 කින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත්විය.
මන්ත‍්‍රීවරුන් 26 දෙනෙකු ඡන්දය භාවිත කිරිමට පැමිණ සිටියේ නැත.
මෙහි වූ විශේෂත්වය වුයේ විශ්වාසභංග ලියවිල්ලට අත්සන් තැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරයාද විශ්වාසභංගයේ ජන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාවට සහභාගී නොවීමය.
ඔවුන් දෙදෙනා අවසන් මොහොතේ ජන්දය ප්‍රකාශ කිරීමට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
එසේම ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කල අතර අතුරලියේ රතන හිමියන් ජන්දය භාවිත කිරීමට සහභාගී වුයේ නැත.
එක්සත් ජාතික පෙරමුණේ සියළු පක්‍ෂ, දෙමල ජාතික සන්දානය යෝජනාවට විපක්‍ෂව ඡන්දය ලබා දුන්හ.
ඒකාබද්ද විපක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ශ‍්‍රීලිනිප ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්‍ෂව ඡන්දය ලබා දුන්හ.
ශ‍්‍රිලනිප ඇමතිවරුන් සෙසු පිරිස ඡන්දය භාවිත කිරිමෙන් වැලකී සිටියහ.
12,456 Viewers

No comments