Header Ads

test

ඊනිවුස් නිකම්ම පෙනෙයි : රටම VPN බාලා : Porn පරදියි ?


ආරක්ෂක අංශයේ උපදෙස් මත ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ ජාල පැය 72ක කාලයකට අවහිර කිරීමට ගත් තීරණයත් සමඟ ශ්‍රී ලංකාව අන්තර් ජාල ලෝක වාර්තා දෙකකට හිමිකම් කියා ඇති බව පැවසේ.
ඉන් පළමුවැන්න වන්නේ එක් දිනකදී විදෙස් රටක අන්තර් ජාල ලිපිනයක් (IP) භාවිතා කරමින් සමාජ ජාලවලට වැඩිම පිරිසක් පිවිසීමෙන් තැබූ වාර්තාව හා ගූගල් හරහා වැඩිම VPN (Virtual Private Network) ප්‍රමාණයක් එක් දිනකදී බාගත කරගත් රට ලෙස වාර්තා අතරට එක්වීමය. අවහිර කල සමාජ ජාල භාවිත කිරීම සදහා දැනට ශ්‍රී ලංකාව තුල අද වන විට VPN ලක්ෂ 50කට අධික ප්‍රමාණයක් බාගත කර ඇති බව Google සමාගම සදහන් කරයි.
පසුගිය දින 7ක කාලයක් තුළ ගූගල් හි ජනප්‍රිය ප්‍රවනතා (Google Trends) හරහා සිදු කළ ගණනය කිරීමකදී මේ තොරතුරු හෙළිකරගත හැකි විය.
ඔබටද දත්ත පිරික්සීමට හැකි Google Trends වාර්තාවක් පහතින් දැක්වේ.

phor search
ඒ අනුව ඉකුත් දිනයේ දී Porn යන වචනය පිරික්සූ පිරිස VPN යන්න පිරික්සූ ප්‍රමාණය ආසන්නයෙන්ම ගමන් කිරීම ද විශේෂ සිද්ධියකි. කෙසේවුද ලංකාව පසුගිය කාලයේදී වාර්තා තැබූ Sex යන්න පරාජයට පත් කිරීමට නම් VPN හා Porn යන වචන දෙකටම නොහැකිවී තිබේ.
VPN යන්න Google යන්න හා සම සමව ගමන් කර ඇති බවද ගූගල් හි ජනප්‍රිය ප්‍රවනතා (Google Trends) පිරික්සීමේදී පෙනී යයි.
එසේම අන්තර් ජාල භාවිතා කරන්නන් 50% කට වැඩි පිරිසක් VPN (Virtual Private Network) භාවිතා කිරීම ආරම්භ කිරීමත් සමඟ පසුගිය කාලයේදී ලංකාව තුළ අවහිර කර තිබූ ලංකා ඊනිවුස් වැනි වෙබ් අඩවි වෙත පිවිසීමද පහසුවී ඇති බව පැවසේ.
ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය ද වැඩියෙන්ම  සෙවුම්කර ඇත්තේ ජාතිවාදී ගැටුම් පැවැති මධ්‍යම පලාතේ අන්තර්ජාල ග්‍රාහකයන්වීම විශේෂ සිද්ධියකි.
  • Click to enlarge image Screen Shot 2018-03-09 at 12.25.24 PM.png
  • Click to enlarge image Screen Shot 2018-03-09 at 12.25.40 PM.png
  •  
මෛත්‍රීත් VPN දාගෙන ?
මේ අතර, ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ ජාල පැය 72ක කාලයකට අවහිර තිබියදී ජනාධිපති මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරයාගේ පුවතක් ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබීද හාස්‍යට ලක්වන කරුණක් වී තිබේ.
මේ අතර, පොලිස්පතිවරයාද සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දැවිලෙමින් තිබූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට හැකිවූ බව පැවසීමෙන් විහිළවට ලක්ව ඇතැයි අන්තර් ජාල ක්‍රියාකාරියකු කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් මෙහෙයවන වෙබ් අඩවියක් පසුගිය කාලයේදී ජාතිවාදී ගැටුම් ඇතිවන ආකාරයේ පුවත් නිර්මාණය කිරීම දිගින් දිගටම සිදුකිරීම දක්නට ලැබුණු බවත් කියා සිටියේය.
මංගල ඉදිරියෙන් !
මේ අතර, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් අතර පැවැති හමුවකදී වෙබ් අඩවි වාරණය කිරීම කිසිදු පලක් නොමැති වැඩක් බව පවසා තිබණි.
ඔහු එහිදී තාක්ෂණය දියුණුවී ඇති බැවින් වෙබ් හෝ සමාජ ජාල වාරණය සිදු කළ හැක්කක් නොවන බවද පෙන්වා දී තිබේ.




5,889 Viewers

No comments