Header Ads

test

විශ්වාස භංගයෙන් පසු අලූත් ආණ්ඩුවේ අගමැති වෙන්න ඇමති SB සූට් මහයි..


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විශ්වාස භංග යෝජනාවකින් පරාජයට පත් කර පිහිටුවන නව ආණ්ඩුවේ අගමැති ධුරය සදහා තිරය පිටුපස අගමැති සටනක් ආරම්භ වී ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ භාණ්ඩාගාරික ඇමති එස්.බී. දිසානායක මහතාද නව අගමැතිවරයා ලෙස සාකච්චාවක් එම පක්‍ෂ පිරිසක් අතර ඇතිව තිබෙන බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප ආණ්ඩුවක් හදන්නේ නම් ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා ඊට පත් කල යුතු යයිද ශ‍්‍රීලනිප බොහෝ පිරිසක් අදහස් පල කර ඇත.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ගෙන එනු ලබන විශ්වාස භංග යෝජනාව සදහා පෙරමුණේ සංවිධායකයකු ලෙසද ඇමති එස්.බී. දිසානායක මහතා කටයුතු කරමින් සිටින්නේ යයිද පැවසෙයි.

4,336  Viewers

No comments