Header Ads

test

ඒකාබද්ධයේ කෙහෙළියගේ පුතාට යහපාලනයේ නිතිය නැමුනු හැටි - EXCLUSIVE

දේශපාලඥයන්ගේ පුත්තුන්ට ක්‍රියාත්මක වන අමුතු නීතිය

පිස්තෝලයෙනුත් පහර දී මරණ තර්ජන කර නඩුත් නැතිව රමිත රඹුක්වැල්ල ගෙදර යයි; ගුටි කෑ සරසවි සිසුවා පැමිණිල්ල අස්කර ගනී

විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පිස්තෝලයෙන් පහර දීම නිසා අත් අඩංගුවට පත් කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීම නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරව සමාදාන වී නිරුපද්‍රිතව ගෙදර ගොස් තිබේ.

රමිත රඹුක්වැල්ල වෙනුවෙන් පොලිසියට ඉදිරිපත් වූ කාලිංග ඉන්ද්‍රතිස්ස ජනාධිපති නීතිඥවරයාගේ මැදිහත්වීමෙන් පැමිණිලි පාර්ශවයට යම් වන්දි මුදලක් ගෙවීමට එකඟ කරවා ගෙන සිසුවාගේ දෙමාපියෝ පැමිණිල්ල ඉල්ලා අස්කර ගෙන ඇත. ආරංචි මාර්ග අනුව සිසුවාට සහ ඔහුගේ දෙමාපියන්ට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පාර්ශවයෙන් දැඩි තර්ජන බලපෑම්ද එල්ල වී ඇත.

අධිකරණයට යන්නේ නම් මෙය පැහැදිලිවම ඇප ලබා ගත නොහැකි බව පොලිසිය කාලිංග ඉන්ද්‍රතිස්සට දන්වා ඇති අතර කාලිංග ඉන්ද්‍රතිස්ස පැමිණිලි පාර්ශවය බිය කර ඇත්තේ නඩු ගියහොත් සිසුවා රමිත රඹුක්වැල්ලගේ බිරිඳට අපහාස කිරීම නිසා කිපුණු රමිත පහරදුන් බව පවසා විශාල වන්දි මුදලක් ඉල්ලා සිසුවාට එරෙහිව නඩු පවරන බවයි. කෙසේ වෙතත් අවසානයේ දී පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට සිසුවාගේ දෙමාපියෝ එකඟවීමෙන් අනතුරුව රමිත රඹුක්වැල්ල නිදහස් වී ගෙදර ගියේ ය.

SL NEWS WEB අපේ මතය 

අද රටේ නිතිය සැමටම පොදුය යන්න ලේඛන වලට පමණක් සිමා වී ඇත. මන්දයත් රාජපක්ෂ රෙජීමය සමයේ වර්තමාන ආණ්ඩුව එවකට විපක්ෂය සමයේ හඩ නැගුවේ රටේ නිතිය වල වැදී ඇති බවය. නමුත් අද වනවිට සිදු වන සිදුවීම් සමග ජනතාවට හැගෙන්නේ යහපාලනයේ නීතියද වල වැදී ඇති බවය. එදා මෙන්ම අදද දේශපාලුවන්ට එක නීතියකුත් සාමාන්‍ය ජනතාවට එක නිතියකුත්ය.

රමිත රඹුක්වැල්ල යනු කවුද ? 

ඔහු දේශපාලුවෙක්ගේ පුතෙක් වුවද ක්‍රියාත්මක විය යුත්තේ එකම නීතියකි. සිසුවාට පහර දුන් පිස්තෝලය නිත්‍යානුකුලද ? නීති විරෝධිද ? ඔහුට පිස්තෝල වැනි ගිනි අවි පාවිච්චි කිරීමට ඇති සුදුසුකම කුමක්ද ? එසේ ඔහු පහර දී ඇත්තේ ගිනි අවියකිනි. බැරිවෙලාවත් ඒක ක්‍රියාත්මක වුවා නම් එය මිනීමැරුමක් විය හැක. තවත් විදියකින් කිවහොත් ඔහු පිස්තෝල රැගෙන ගියේ කොහෙද ? ඒවත් සෙවිය යුතුය. කෙසේ හෝ මොහු ගැන පොලිසිය පරීක්ෂණ කර දඩුවම් දීම විනා පිස්තෝලයක් පිළිබද සදහනක් නොකරම නිදහස් කර ඇත. මෙම බරපතල කාරණය පොලිසියට යට ගැසීමට බලපෑම් කල දේශපාලන හස්තය කවුරුන්ද ?

සාමාන්‍ය මිනිසෙක් මෙසේ අසු වුවා නම් ඔහු අවුරුදු ගානකට හිරේය. එදා මිලේච්ඡ අයුරින් මිනීමැරු රෙජිමයක් පලවා හැර යහපාලන ආණ්ඩුවක් බලයට පත් කලේ මේවා දකින්නද ?

එදා හැට දෙලක්ෂයක් ජනතාව යහපාලනය බලයට පත්කලේ මිනීමරුවන්, දුෂිතයන්, වංචනිකයන්ට නිතිය ක්‍රියාත්මක කිරීමටය. නමුත් සිදු වුයේ කුමක්ද ? බලයට පත් වූ ආණ්ඩුව නිතිය ක්‍රියාත්මක කිරීම පසෙකලා ඩිල් දමා ඔවුන් සමග නිදිවැද්දාය. අද ඒවාට කදිම නිදසුන් මේවාය.

7,223 Viewers

No comments