Header Ads

test

මහ බැංකුව මහ දවාලේ මංකොල්ල කෑ මහේන්ද්‍රන්ට දුන් කාලසීමාව අදින් අවසන්


හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලබාදුන් කාලය අදින් අවසන් වනවා.

ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටින ලෙස ඔහුට අධිකරණ නියෝගයක් ලබාදී තිබෙන අතර තවමත් ඔහුට එම සිතාසිය භාරදීමට නොහැකිවී තිබේ. සිංගප්පුරුවේ ඔහුගේ නිවසට සිතාසිය කූරියර් සේවයක් හරහා යොමුකර තිබුනද එය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේ. සිංගප්පූරුවේ ඔහු පදිංචිව සිටි නිවස වසා දමා ඇති බවටයි පසුව වාර්තා වුණේ.

පසුව සිතාසිය සම්බන්ධයෙන් දැනුවත් කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහුගේ පෞද්ගලික දුරකතනයට සහ විද්‍යුත් තැපෑලට ද පණිවුඩ යොමු කර තිබෙනවා. ඔහු විසින් එය නිරීක්ෂණය කර ඇති බවද සටහන් වී ඇත.

කෙසේ වෙතත් සිය බෑණා වන අර්ජුන් ඇලෝසියස් ඇපමත නිදහස්වීමෙන් අනතුරුව ඔහු මෙරටට පැමිණෙනු ඇති බවට තොරතුරු වාර්තාවේ. ඒ අනුව ඉදිරියේදී අර්ජුන් ඇලෝසියස් ඇපමත නිදහස් කිරීමට අධිකරණය තීරණය කළහොත් ඊට පසුදාම අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට පැමිණෙනු ඇත. මේ අතර රජය පාර්ශ්‍යවයෙන් අර්ජුන් ඇලෝසියස් හට ඇප ලබාදීමට විරුද්ධ නොවී සිටීමට අරලිය ගහ මන්දිරයෙන් නිතීපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවද SL News Web අපවෙත වාර්තාවේ.

9,134 Viewers

No comments