Header Ads

test

කෙලවෙලත් මහින්ද මර්ධනයට නොගිය ගොඩ ගිහිල්ලත් මෛත්‍රී මර්ධනයට ගිය "සමාජ මාධ්‍ය"


අපි හොදාකාරවම දන්නවා මෛත්‍රීටත් ධුරයේ දිවුරුම් දෙනකම් මතක තිබ්බා, ජනවාරි 08 විප්ලවයේ ප්‍රධානම මෙහෙයුම් කරුවන් වෙන්නෙ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් කියලා. ඒ සමාජ මාධ්‍ය විප්ලවය එක දවසකින් දෙකකින් බිහිවුනු විප්ලවයක් නොවෙයි අපිට කිසිම ජනමාධ්‍යක් නැතිව ඉදිද්දි අපේ හඩට , රාජපක්ෂ ආණ්ඩු විරෝධී හඩට , ජීවය දුන්නෙ සමාජ මාධ්‍ය. අපි අපේ හැම මතයක්ම සමාජ ගත කරන්න යොදාගත්තෙ සමාජ මාධ්‍ය. මහින්දගේ මිනීමැරුම්, හොර මැරකම්, දූෂණ, තක්කඩි වැඩ, ඔය සියල්ල සමාජ මාධ්‍ය හරහා එලියට ආවට කවදාවත් මහින්ද සමාජ මාධ්‍ය අවහිර කරලා ඒ චෝදනා වලින් ගැලවෙන්න බැලුවෙ නෑ. මොකද ඔහු හොඳාකාරවම දන්නවා එහෙම කලානම් ඔහුට සමාජ මාධ්‍ය තුල ඉතිරිව තිබ්බ කුඩා ජනප්‍රියත්වයත් අහිමිව යන බව. ඒ තත්වයෙන් සෘජු ලාබය ලැබුවෙ මෛත්‍රී, සමාජ මාධ්‍ය තුල අපි මහින්ද කල අක්‍රමිකතා වලට එරෙහිව හඬක් නගද්දි , මහින්දට එරෙහි බලවේග අපි සමාජ මාධ්‍ය හරහා බලමුළු ගන්වලා තියෙද්දි මැතිවරණයේ තීරක බලය වුනු,පාවෙන චන්ද යනුවෙන් හැඳින්වුනු ඒ දැවැන්ත තරුණ චන්ද ප්‍රමාණය අපි සමාජ මාධ්‍ය හරහා පහසුවෙන් මෛත්‍රීට අරගෙන දුන්නා. ලක්ෂ 4 කට ආසන්න වැඩි චන්ද ප්‍රමාණයකින් මෛත්‍රී ජනපතිවරනෙ දිනන්නෙ එහෙමයි. කියන්නත් ලැජ්ජයි පත් උනත් හරි මේ ආණ්ඩුව තරුණයින්ට කියල කරපු මගුලක් නෑ. තිබ්බ චන්දවලින් 75% කට වඩා ගිලිහිල ගිහිල්ලා  තියෙන්නෙ ඒම තියාගෙන ඉතුරු 25% ටත් කෙලවගන්න Social Media තහනම් කරලා. මේවගෙ ප්‍රථිපල දැන්ම දැනෙන්නෙ නෑ. ඊලඟ චන්දෙ තියන්න. එදාට මේවා ගැන කල්පනා කර කර චන්ද ප්‍රථිපල අහන්න පුළුවන් වෙයි. කොහොම උනත් අපිට තියෙන එකම ඉල්ලීම පාටපක්ෂ බේදයකින් තොරව අපි ඉල්ලන්නෙ එකම එක දෙයයි. භාශනයේ නිදහස ඇතිකරන්න කියල ආණ්ඩුව ඇවිල්ල තිබ්බ ටිකත් නැතිකරල දාන්නෙ නැතිව ආයෙ මේ පැත්තට අත නොතිය තරුණ තරුණියන් ආවේග ශීලී නොකර ඉන්න කියන එකයි. නැවත ආයේ මේ වගේ ගොබ්බ වැඩ කරන්න එපා කියලා තරුණයෝ වශයෙන් අපි මේ ආණ්ඩුවෙන් කාරුණිකව ඉල්ලනවා. 

- දිනේෂ් රවිචන්ද්‍රරාජයියා -

13,669 Viewers

No comments