Header Ads

test

අධිකරණය කෙළෙසීම දරුණු අතට


රාජපක්ෂ පාලන සමයේ දේශපාලන අනුග්‍රහය පදනම් කරගෙන අධිකරණයට පත් කරන ලද විනිශ්චයකාරවරුන් ඉතා අවම නීති ආචාරධර්ම පවා කෙළෙසා දමමින් වල් වැදුණු නීතියක් ඇති කිරීමට ක්‍රියාකරන බව ඊවා වනසුන්දර විනිසුරුවරියගෙන් යළිත් වරක් තහවුරු වී තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් විදුලිබල පෞද්ගලික සමාගමේ නිළධාරීන්ට සහ හිටපු අගවිනිසුරුවරයෙකු වූ මොහාන් පීරිස්ට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන නඩුවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපතේ කර තිබෙන අතුරු තහනම් නියෝගයක් ඉල්ලීමේ පෙත්සම් විභාගයේදී මේ බව ඔප්පු වි ඇත.

මීට වසර 06කට පෙර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විදුලිබල පෞද්ගලික සමාගමේ නිළධාරීන්ට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පවරා තිබිණ.

එවකට නීතිපතිවරයාව සිටි මොහාන් පිරිස් එම නිළධාරීන්ගෙන් අල්ලස් ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ඉවත හෙළුෑ බවට චෝදනා එල්ල වී තිබේ.

එවකට ඊවා වනසුන්දර වැඩ බලන නීතිපතිවරිය ලෙස කටයුතු කර ඇති අතර එම නඩුව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිපති දෙපාර්තුමේන්තුව විසින් දන්වා තිබිණි.

මේ සම්බන්ධයෙන් මොහාන් පීරිස් වගඋත්තරකරුවෙකු කරමින්, අල්ලස් කොමිසම යළිත් පසුගිය වසරේ අධිකරණ ක්‍රියාමාර්ගයට යොමු වී කොළඹ මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීය. එම නඩුවට එරෙහිව මොහාන් පීරිස් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කර මහාධිකරණ නඩු විභාගය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම රීට් පෙත්සම සළකා බලන ලද ඊවා වනසුන්දර ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් මහාධිකරණයේ නඩු විභාගය වාරණය කරන ලදී.

අල්ලස් කොමිසම මහාධිකරණයේ නඩු පවරා ඇත්තේ, එදා නීතිපති වශයෙන් ක්‍රියා කළ මොහාන් පීරිස්ට විරුද්ධවය. එදා වැඩ බලන නීතිපති ලෙස, මොහාන් පීරිස් යටතේ ඊවා වනසුන්දර ක්‍රියාකිරීමද දෙවනුව මෙම දෙදෙනාම මහින්ද රාජපක්ෂ විසින් දේශපාලන පත්වීම් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම ආදී පැති ගණනාවකින් ළබැඳියාවන් අතර ගැටුමක් පවතී. එසේ තිබියදී රීට් පෙත්සම සලකා බැලීමෙන් ඉවත් වීමට තරම්වත් ආචාරධාර්මිකව ක්‍රියා කිරීමට ඊවා වනසුන්දර ඉදිරිපත් නෙවී අධිකරණය අපකීර්තියට පත් කරමින් සිටින්නීය.

ඊවා වනසුන්දර මූලික වී ශ්‍රේෂ්ඨාධිකරණය පණවන ලද අතුරු තහනමට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින්, රීට් පෙත්සම සලකා බැලීම පංච පුද්ගල විනිසුරු මඩුල්ලකට යොමු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

3,446 Viewers

No comments