Header Ads

test

මන්ත්‍රී බිරිඳගේ ගිනි අවියට බලපත් නැහැ !


පසුගියදා ගිනි අවියක් පෙන්නා බස්රථ රියදුරෙකුට පහරදුන් පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ භාවිත කළ ගිනි අවිය 2018 වර්ෂයට අදාළව බලපත්‍ර ලබාගෙන නොමැති ගිනි අවියක් බව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඩී. පණ්ඩිතරත්න මහතා ප්‍රකාශ කරයි.
මේවනවිට සිවිල් පුද්ගලයෙක් සතුව බලපත්‍රලාභී පිස්තෝල 1300 ක් පමණ ඇතැයි ද අතිරේක ලේකම්වරයා පැවසිය.
මීට අමතරව කෘෂිකාර්මික කටයුතු සඳහා නිකුත් කර ඇති ගිනි අවි 19.000 ක් පමණ ඇති බවත් පසුගිය පොදු සමා කාලය තුලදී ආරක්ෂක අමාත්‍යාංශය වෙත භාර දුන් නීති විරෝධී ගිනි අවි ප්‍රමාණය දහසකට අධික බවත් ඒ මහතා සඳහන් කළේය.
දෙදහස් දහඅට වර්ෂයට අදාළව බලපත්‍ර ලබා නොගත් ගිනි අවි පිළිබඳව තම අමාත්‍යාංශය තවම ගණන් බලා නොමැති බවත් මාර්තු මාසය අවසානයේ පමණ ඒ පිළිබඳ අවසාන නිගමනයකට එළැඹීමට හැකි බවත් හෙතෙම කීහ.
එසේම ශ්‍රී ලංකාව තුළ ඇති නීති විරෝධී ගිනි අවි ප්‍රමාණය පිළිබඳව විමසද්දී ඔහු ප්‍රකාශ කළේ තම අමාත්‍යාංශය සතුව එම තොරතුරු නොමැති බවය.

මේ රාජපක්ෂ භිතිකාවේ මං සලකුණුද ?

එදා 88/89 ජේවීපී ලේ පිපාසිතයන් ජනතාව තුල ඇතිකල මරණ බිය 2005/2015 කාල වකවානුව තුල ඇති කලේ රාජපක්ෂලාය. එහිදී දරුණු ලෙසම හැසිරුනු පුද්ගලයා වුයේ ගෝඨාභය රාජපක්ෂය. එම කාලය තුල මිනීමැරුම්, අතුරුදහන් කරවීම් තුලින් ජාත්‍යන්තරය තුල පවා අපේ රට අපකීර්තියට පත් විය. ඉන්පසු ජනතාව අලුත් පාලනයකට 2015 වර්ෂයේ සිට විශාල පෙරලියක් ඇති කලත් රාජපක්ෂ හෙන්චයියන්ගේ විවිධ ක්‍රියා කලාපයන් තුල නැවත ඒ මිලේච්ඡ කුරිරු යුගයන් නැවත පැමිණේ දෝ බියක් හට ගෙන ඇත.

සබැදි පුවත් ඒකාබද්ධයේ කෙහෙළියගේ පුතාට යහපාලනයේ නිතිය නැමුනු හැටි - EXCLUSIVE
4,665 Viewers

No comments