Header Ads

test

ප්ලීස් ....අලුතින්ම වඳ කරගන්න ඕනෙයි ?


ලක්මවගේ දරුවන් මෙලොවින් ඉක්මනින්ම තුරන් කර දැමීම , ඔවුන් සදාකාලික රෝගීන් බවට පත් කිරීම පිටුපස වර්තමානයේ සිටින්නේ මත් රකුසාය. මෙරටට මත් ද්‍රව්‍ය රැගෙන ඒමේ ඉතිහාසය ලියවී ඇත්තේ දේශපාලුවන් හා පාතාල කණ්ඩායම් අතර ඇති අන්නෝන්‍ය ගජ මිතුරුකම මතය.

වර්තමානය වන විට තුච්ඡ දේශපාලනයෙන් බිහිවූ පාතාල කල්ලි අත තිබු කුඩු වෙළඳාමේ අවසන් හිමිකාරිත්වය මෙරට දේශප්‍රේමී වෙස් මුහුණු පැළඳගත් දේශපාලඥන් සතු විය. කොළඹ වරාය වෙත පැමිණි නෞකාවල තිබූ කන්ටේනර්වලින් කිලෝ ගණනින් මත්කුඩු තොග මතුවන්නට වූයේ රටම ආශ්චර්යෙන් බැබලෙන යුගයේදීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ ආසියානු කේන්ද්‍රස්‌ථානය බවට පත්කරමින් මත්කුඩුවලින් පෝෂිත මර්මස්‌ථානයක්‌ කරන්නට ඔවුන් අපමණ උත්සහයක් ගත්තේය. 

ලෝකයේ වැඩිම පිරිසක් බේබද්දන් කල රටක්, වැඩිම සිය දිවි නසා ගන්නා රටක්, ලිංගික අපචාර වැඩිම රටක් බවට ඔසවා තැබූ අප කුඩු වලින්ද ලෝකයේ කප් එක ගැසුවේය. සුදු වෙට්ටි ඇඳි මාෆියා කල්ලියක් විසින් රට අගතියෙන් අගතියට පත් කළේය. මෙම චායාරුපයේ සිටින ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයා තම ව්‍යාපාර කටයුතු මැලේසියාවේ ක්වාලාලම්පුර් නගරය ඛේන්ද්‍ර කොටගෙන දියත් කරනු ලබයි. 2014 දී ඔරුගොඩවත්ත කන්ටේනර් පර්යන්තයේදී හමුවූ කුඩු කිලෝ 247 ක හිමිකරු වුයේ ඔහුය. මහනුවර කටුගස්තොට දී උපන් ඔහු නමින් අබ්දුල් මජිඩ් ය. එවකට පැවති දේශප්‍රේමී ආණ්ඩුව , කොළඹ කුඩු වෙළෙන්දන් නැත්තටම නැතිකර තනි ඒකාධිකාරයක් ගොඩ නැගිය. එහි භාරකාර තනතුර හෙබවූයේ මෙහි දිස්වෙන දේශප්‍රේමී නායකයා විසිනි. කුප්‍රකට කුඩු ජාවාරම් කරුවෙකු සාදරයෙන් පිළිගන්නා මෙම චායාරුපය ඔබට කියන්නේ කුමක්ද ? 

මේ රටේ ජනයා වඳ කිරීමට කිසිදු පෙත්තක් විශේෂයෙන් ලබා දීමට අවශ්‍ය නැත . මුදල් වලට ඕනෑම ජඩ වැඩකට අත ගසන දේශපාලුවන්ට උන්ගේ පහල ඇවරියේ ඉහ මොළ රත්කර ඇති ජාතිවාදයේ හල හල විෂ මෙවන් මහා පරිමාන ගනුදෙනු වලදී බල නොපාන බව මින් මනාව පැහැදිලි කර ඇත. මේ රටට කුඩු ගෙන්වීම පිටුපස සිටින කිසිවෙකුට අන්තවාදී උවමනාවන් නැත. මුදල් ඉදිරියේ දේශප්‍රේමී හිවල් හම ගලවා ඕනෑම කුපාඩිකමක් කිරීමට සෑදී පැහැදී සිටින කසාද දේශපාලුවන් රංචුවක් සිටින බව ජාත්‍යන්තර ජාවාරම් කරුවන් හොඳින් දනී. මෙහි ඇති සැබෑ ව්‍යසනය හඳුනාගත් එකම සිංහල ප්‍රේමියෙකු මෙතෙක් හමු වී නැත. සියලුම දේශප්‍රේමින් මේ වන විට අප්පච්චි ට පෙම් බඳිමින් ඔවුන්ගේ වසුරු කරමත තබාගෙන රටම ගඳ ගස්වමින් සිටි. ලාංකීය මහා ජාතියට පමණක් නොව සමස්ත ජාතියටම වඳ පෙත්ත පොවන්නෝ අඳුනාගනිව් ....!

9,106 Viewers

No comments