Header Ads

test

අත්අඩංගුවට ගත් රංගජීවට එමිල් රංජන්ට ගෝඨාගේ අණින් බන්ධනාගාරය තුල සුපිරි සැප .


වැලිකඩ සිරකරු ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්දනාගාර කොමසාරිස් එමිල් රංජන් ලමාහේවා අද දින රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමත් සමග බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇත. බන්ධනාගාර රෝහල තුල ඇති බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගරයේ මෙම රැදවියන් දෙදෙනාට විශේෂ නවාතැන් පහසුකම් ලබා දී ඇති බව අප වෙත වාර්තා වී තිබේ.

බන්ධනාගාර ගත වූ කිසිවෙකුට බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාර වල රඳවා තැබීම නිතී විරෝධී කටයුත්තකි. විශේෂ ආරක්ෂාව අවශ්‍ය නම් ඒ සදහා විශේෂිත සිර මැදිරි තිබියදි බන්ධනාගාර පරිපාලනය විසින් රිමාන්ඩ් වූ කොමසාරිස්වරයාට කෘතගුණ සැලකීමට මෙම පහසුකම් සපයා ඇත. සිර ගෙදර රජ සැප කියා කිසිවක් නැත. රත්තරං බැන්දත් ඉන්නේ හිරේ නම් ඵලක් නැත. එමිල් රංජන්ට සහ රංගජීවට බන්ධනාගරය තුල භාවිතා කරන්නට ජංගම දුරකතන ලබාදුන්නද කම් නැත. සැපැට නිදියන්න මෙට්ටද කුසට රහමෙරද දුන්නාට කම් නැත. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න අප විස්වාස කරමු. එහෙත් ඔවුන් ඝාතනය කරන ලද්දේ එහි වෙසන මිනිසුන්ය. හිරගෙදර ජීවිතය කෙතරම් කටුකදැයි සිරකරු ඝාතක සැකකැරුවන්ට ඇස් දෙකෙන් මෙන්ම මනසින්ද එම තත්වයට පත්ව තේරුම් ගැනීමට ඉඩ හැරිය යුතුය. නීතිවිරෝධී ලෙස නිළධාරීන්ගේ නේවාසිකාගාර තුල රඳවා අනෙක් සිරකරුවන්ගෙන් වසන් කර ඝාතක සැකකරුවන්ගේ මිනීමරු අභිමානය නඩත්තු කිරීම බන්ධනාගාර පරිපාලනයේ වග කීම නොවන්නේය. සැකකරුවන්ගේ ආරක්ෂාවට ගැටලුවක් තිබේ නම් නිත්‍යානුකූල විශේෂ ආරක්ෂාවක් සහිත වාට්ටුවක ඉහත සැක කරුවන් රඳවන මෙන්.පරිපාලනයට හා වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කරන්නෙමු. මෙකි තත්වයන්ට.පරිපාලනය සක්‍රීය පියවරක් නොගන්නේ නම් ඉදිරියේදි බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ සැක කරුවන් සිටින චායාරූප සහිතව ජනතාවට සියල්ල හෙලිකරන්නට පසුබට නොවන්නෙමු.

සැමටම එක නිතිය එකසේ යන්න අද වචනයකට සිමා වී ඇත. රටේ නිතිය බල්ලට ගියාම මෙසේ සිදු වන්නේ යැයි ජනවහරේද ඇත. ජනාධිපති, අගමැති, බන්ධනාගාර බාර ඇමති ඇස් කන් පියා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මෙහි ප්‍රධානතම චුදිතයා නිසාවෙන්ද ?

24,773 Viewers

No comments