Header Ads

test

ඔන්න කොරනවානම් පුතෝ වැඩ


ලෝකයේ යම් රටක් ගෘහ සේවයට කාන්තාවන් යවන්නේ නම් ඒ රටේ පිරිමින් අමන රැලකි. සොච්චම් වැටුපකට තම බිරිඳ පිටරට යවමින් , ඇය එවන මුදලින් කාබී සැනසෙන නරුම සමාජයක් අපට උරුම වී ඇත. මේ රටේ විදේශ ගත ශ්‍රමිකයින් අතරින් බහුතරයක් වන්නේ කාන්තාවන්ය. ඉන් ඉහලම ප්‍රතිශතය අයත්වන්නේ සිංහල ජනයාටය. වසර තුනේ සිට වසර විස්ස ද ඉක්මවා මැදපෙරදිග ඇතුළු ලෝකයේ බොහෝ රටවල බැලමෙහෙවර කම් කරමින් ජීවිතය දිය කර හරින මේ පිරිස දෙස ජාතිය වඳ වෙනවා යැයි තප්පු ලන්නෝ නිකමට හෝ හැරී නොබලයි. නියම වඳ පෙත්ත මේ රටේ ගැහැනුන්ට දී ඇත්තේ සිංහල ස්වාමි පුරුෂයන් බව හිතා මතාම අමතක කොට ඇත. තම බිරිඳ රට පටවා අලුත් සුට් මහන ලංකාවේ සැමියන් , විනෝදයට ජාතික අභිමානය මතක් වන්නේ කාලක් ක්‍රියා කල පසුවය. එවිට ජාති ආලයට රටම කුපිත කර ජනතාවගේ දේපොළ, නිවාස, කඩ සාප්පු ගිනි ගන්නවා නම් එහි පෙරමුණේ රාලලා වන්නේද තම බිරිඳ අරාබියට පටවා නිවසට වී බත් ගිලින හින්ගලයින්ය . මේ රටේ අන්තවාදී ප්‍රචණ්ඩත්වය තුලද දැකිය හැකි වන්නේ කිසි කලෙක රැකියාවක් නොකළ රස්තියාදුකාරයින් පිරිසකි. එවන් පුද්ගලයින්ද යම් දිනක විවාහයක් කරගත් කල පසු දිනම බිරිඳ අරාබියේ කොහේ හෝ මුල්ලකට පටවනු ඇත. ජාතියට මෙතරම් කැක්කුමක් ඇත්නම් කල යුත්තේ මේ රටේ බහුතරයක් වූ සිංහල කාන්තාවන් අරාබියට පටවා සුර සැප විඳින මේ රටේ දේශපාලනයට එරෙහි වීමය. දිනකට පුවත් පත් වලින් වාර්තාවන සිදුවීම් දෙස මේ කිසිදු දේශමාමක චණ්ඩින්ගේ අවධානය යොමු වී නැත . මැද පෙරදිග අපා දුක් විදිමින් හාම්පුත්තුන්ගේ යකඩ සපත්තු වලට යටව දුක්විදින මෙහෙකාර සේවයට ගොස් සිටින ගැහැණු උදවිය කොපමණද ?. මේ කප්පරක් අවාසනාවන්ත සිදුවීම් වලින් අල්පයක් පමණි. සැබෑ දේශප්‍රේමියා එඩිතරව පෙරට ආ යුත්තේ තම උපන් බිමේ අම්මලා අක්කලා වීදේශ රටවල පරයින් ගේ වළං, කානු සෝදන මේ ජරා සිස්ටමයට එරෙහිව විනා , තවත් ගෙදරක උන් අඳින ඇඳුමට, උන්ගේ ඇදහිල්ල ට ජල්ලි ඇල්ලීමට නොවේ. නුඹලා මේ රටට සිංහල ජාතියට මෙතරම්ම ආදරයක් ඇත්නම් ඇති කරපල්ලා මෙයට එරෙහිව තම බිරිද, සහෝදරිය මැද පෙරදිග මෙහෙකාර සේවයට නොයවා තමන්ගේ පිරිමිකම තම බිරිදට සහෝදරියට පෙන්වා හොද සැමියෙක් සහෝදරයෙක්, පුතෙක් වූවානම් හොදය.. අන්න එදිනට අපි එහි පෙර ගමන් කරුවන් වන්නෙමු.

3,456 Viewers

No comments