Header Ads

test

චණ්ඩි මල්ලි"ගේ පුතාගෙන් සහ ලේලිගෙන් ගිනි අවි පෙන්වා බස්රථ රියදුරෙකුට ගුටි පුජාවක්


තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී මාර්ග අංක 177 ඔස්සේ ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ වන තාරකා මධුභාෂිනී පෙරේරා  පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා සහ ඔහුගේ බිරිද පිස්තෝලයක් පෙන්වමින් පහරදෙන අයුරු මේ දිනවල සමාජ ජාලා වෙබ් අඩවි වල සංසරණය වෙමින් පවතී. මන්ත්‍රී බිරිද අත තිබු එම පිස්තෝලය සමගින් ජීව උණ්ඩ 5 ක්ද සොයාගත් බව තලංගම පොලිසිය සදහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක යමින් සිටි මොවුන් දෙපළ, පෞද්ගලික බස් රියදුරා සමඟ ඇතිවු බහින්බස් වීමකින් පසු මෙලෙස පහරදී ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථ රියදුරාද මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද තොරතුරු ලැබී ඇත. ඒ දකුණු පළාත් සභා මන්ත්‍රීවරයාද ඔහු පහර දුන් බවට තලංගම පොලිසියට කල පැමිණිල්ලක් මතය.

පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගනු ලැබූ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ අද දින (10) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

පහරදීම සිදුකළ පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්, වෙඩි තබා ඝාතනය කෙරුණු චණ්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා හිටපු අමාත්‍ය එම්.කේ. රංජිත් මහතාගේ පුත්‍රයායි.

සමාජ මතය 

එදා රාජපක්ෂ රෙජීමයේ අදුරු මිලේච්ඡ යුග මතක සටහන් නැවත මතක් කර දෙන්නක් බවටද මෙය මිනීමැරීමට තැත් කිරීමක් බවටද මෙම සිදුවීම සදහන් කල හැකිබව සමාජ විචාරකයන් සදහන් කරයි. 

14,445 Viewers

No comments