Header Ads

test

රනිල්ට එරෙහි විශ්වාසභංගයේ පළමු, දෙවැනි අත්සන් ශ්‍රීලනිපයෙන් - මහින්ද, බැසිල් මග හරී


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ඒමට සුදානම් කර තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා තමන් අත්සන් කල නව රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ පාර්ශවයේ දෙවැනි අත්සන තැබීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සුදානම් බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

තවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විට අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 30 කට ආසන්න පිරිසක් අත්සන් ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ ස්ථීර ලෙසම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදීමට හැකිබවය.

එසේම මේ වන විටත් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරු රැසක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකර ඇති බවත් නොසිතූ පිරිසකගේ සහය ඒ සඳහා ලැබෙමින් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

චතුර දුරකතනයෙන් වැඩ !

මේ අතර අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගයට සහය ලබාදෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න එම පක්ෂයේ තෝරාගත් මන්ත්‍රී පිරිස් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අතුරලියේ රතන හිමියන් සමඟ එකතුව ආණ්ඩුවට නව මුහුණුවරක් දෙමින් 2020 දී ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් වන වැඩපිළිවෙලක් තමන් සතු බවත් එහිදී චතුර මන්ත්‍රීවරයා අනෙක් මන්ත්‍රීවරුන් අමතා දැනුම්දී දැනුම්දී ඇති බවය.

චන්ද්‍රිකා පාර්ශවය රනිල්ට පක්ෂව : අවසන් තීන්දුව ජනාධිපති අතේ

වාර්තා වන ආකාරයට ශ්‍රීලනිපය තුළ තවත් පාර්ශවයක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන බවත් එය ජයග්‍රහණයට සහයදීම තුළ ජනාධිපතිවරයා ප්‍රමුඛ තම පාර්ශවයට බරපතල දේශපාලන අවධානමකට පත්වන බවට අදහසක් සහිතව කටයුතු කිරීම මත විශ්වාසභංගය සම්බන්ධව තවමත් පොදු එකඟතාවකට ඒමට නොහැකිවීමට හේතුවී ඇත.

එසේම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ දේශපාලන උපදෙස් අනුව කටයුතු කරන ශ්‍රීලනිප පාර්ශවයද අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය නොදිය යුතු බවට දැඩි ස්ථාවරයක සිටින බවත් කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ශ්‍රීලනිපය අවසන් තීන්දුව ගනු ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මහින්ද සහ බැසිලුත් රනිල්ට පක්ෂයි 

රනිල්ට එරෙහි විශ්වාසභංගය මහනුවර ජාතිවාදී ගැටුමට පෙර ගෙන ඒමට සුදානම් වූ අවස්ථාවේ හිටපු ජානාධිපති මහින්ද විසින් ඒකාබද්ධයේ පිරිසගේ ඇගට නොදැනී අත්සන් කිරීම වලක්වුවා යන්න ප්‍රසිද්ධ රහසක් වී ඇත. මන්ද රනිල් - මහින්ද යනු ගජ මිතුරන්ය. රනිල් ඉවත් කළහොත් මහින්දට අවාසිය. දේශපාලුවන් රටේ මිනිසුන් අන්දා ඇත. ජනතාව දෙපැත්තට බෙදී කා කොටා ගනිති. දෙවැනි වරද රනිල්ට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමට ඒකාබද්ධය තීරණය කලත් මහින්ද, බැසිල් විසින් එය මග හරිමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.අගමැති රනිල් සහ ඇමති සාගල කිහිප විටක්ම අමතා මහින්ද - බැසිල් පවසා ඇත්තේ විශ්වාසභංගය සිදු වීමට ඉඩ නොතබන බවය. එජාපයේ කැරලි ගසන අයව නිහඩ කරන ලෙසත්ය. නමුත් එකාබද්ධයේ පිරිස ඉදිරියේ මොවුන් මෙයට නායකත්වය ගන්නා බවටද පෙන්වමින් සිටින බවට තොරතුරු ලැබී ඇත.

11,347 Viewers

No comments