Header Ads

test

මගේ ඩ්‍රයිවර් බිලියනපතියෙක් වුනේ කොහොමද..? රෝහිත අබේගුණවර්ධන ගැන කිසිවකු නොදත් දේ මෙන්න.


“මගේ පියාගේ රියදුරා වශයෙන් ඔහු අපේ නිවසට පැමිණියේ පාපැදියෙන්. මගේ පියා සමඟ ඔහු ඉතා සමීපව දේශපාලනය කලා. ඔහුට දේශපාලනයේ ඉහළට එන්න අවස්ථාව දුන්නා.
පවුලේ කිසිවෙකුටත් ඒ අවස්ථාව නොදී පියා ඔහුට ඒ අවස්ථාව දුන්නේ දේශපාලනය කියන්නේ පවුලේ බූදලයක් නොවන නිසා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක එපා කියනකොට, රෝහිතට දුන්නේ නැත්නම් මම ඉල්ලා අස්වෙනවා කියලා තර්ජනය කරලා තමයි මගේ පියා රෝහිතට ජන්දය ඉල්ලන්න අවස්ථාව ලබාදුන්නේ.
පාපැදියෙන් අපේ ගෙදරට ආපූ ඒ පුද්ගලයා දැන් බිලියනපතියෙක් වෙන්නේ කොහොමද..?”

චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ බුද්ධ සාසන නියෝජ්‍ය අමාත්‍යවරයා වූ එදිරිවීර ප්‍රේමරත්න මහතා යනු රෝහිත අබේගුණවර්ධන හෙවත් රත්තරංගේ දේශපාලන ගුරුවරයාය.

තමන්ගෙන් පසු ප්‍රදේශයේ දේශපාලනය භාරදීම සඳහා සිය දරුවන් හෝ ඥාතීන් නොව ඔහු තොරා ගත්තේ රෝහිතවය.

ඉහතින් අප උපුටා දැක්වූයේ ඉතා දිළිදු ජීවිතයක් ගතකර, කෝච්චි වල මාල කැඩූ, රෝහිත දැන් බිලියනපතියෙකු වීම පිළිබඳව එදිරිවීර ප්‍රේමරත්න මහතාගේ දියණිය වන අචිනි එදිරිවීර පළ කල අදහස්ය.

පසුගිය රාජපක්ෂලාගේ වනචර දශකය තුලදී රෝහිතලා කෙතරම් දූෂණ වංචා වල යෙදෙමින් අනීතිකව මුදල් උපයා ඇත්ද යන්න ඇගේ එම කතාවෙන් මනාව පැහැදිලි වේ.
මෙවන් දූෂිතයින් සමඟ පොදු ජන පෙරමුණට දේශපාලන අනාගතයක් ඇත්ද..?

එමෙන්ම රෝහිත අබේගුණවර්ධන ගැන තවත් අපූරු කථාවක් පහතින්, 



12,334 Viewers

No comments