Header Ads

test

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලියගේ පුතා පිස්තෝලයක් පෙන්වා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට මරණ තර්ජන



2015. ජනවාරි 8 යහපාලනය ස්ථාපිත කලද හැට දෙලක්ෂයක් ජනතාව ඉල්ලූ පැතුම ඉටු වූයේ නැත. ඒ ගිය රාජපක්ෂ පාලනයේ මිනීමරුවන්, දුෂිතයන්, වංචනිකයන් තවමත් නිදැල්ලේය. රාජපක්ෂ රෙජිමය ජනවාරි 8 යහපාලනය ජයග්‍රහණයත් සමග සමහරක් බියෙන් තැතිගැන් වී ඉහලමොල රත් සිටියේය. සමහරක් රට හැරදා ගියේය. නමුත් ටික කලක් ගත වෙත්ම යහපාලනයේ සමහරු සමග ඩීල් දමා ගැනීමත් සමග සියලු චෝදනා යට ගසමින් පවතී. ඒත් සමග පසුගිය සමයේ මිනීමරුවන්, දූෂිතයන්, වංචනිකයන්ට තිබූ බිය නැති වූ අතර රට හැරදා ගිය අය නැවත මෙරටට පැමිණියේය. ඉන්පසු ඔවුන් වීරයන් මෙන් හැසිරෙමින් ඔවුන්ගේ ආණ්ඩු සමය මෙන් බියෙන් සැකෙන් තොරව හැසිරෙමින් ඇත. අද වනවිට නීතියද රාජපක්ෂ රෙජිමයට ඒකාබද්ධයට නැවී ඇත. මන්ද යහපාලන ඩීල්කරුවන් නිසා අද ඔවුන්ට බයක් නැත. ජනාධිපති මෛත්‍රී, අගමැති රනිල් ප්‍රමුඛ ඩීල්කාරයන් ඔවුන් රකින නිසාවෙනි. 

මේ එවැනි සිද්ධියකි. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ නාරාහේන්පිට ප්‍රදේශයේ ඊයේ රාත්‍රීයේ සිදුවූ රිය අනතුරකින් පසු සරසවි සිසුන් දෙදෙනෙකුට  ගිනි අවියක් පෙන්වා තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

රිය අනතුර සිදුවිම සම්බන්ධයෙන් වු බහින් බස්විමකදි නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ හිසට පිස්තෝලයකින් පහරදි තුවාල කර මරණ තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව මෙසේ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිස්තෝලයද නීත්‍යානුකූලව ලබා ගත් එකක් නොවන බවද තොරතුරු වාර්තා වේ.

මේ වන විට අදාළ ශිෂ්‍යයා ප්‍රතිකාර ලබා ගැනීම සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සදහන් කරන අතර සැකකාර රමිත් රඹුක්වැල්ල කොළඹ අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. 

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් හරහා පොලීසියට බලපෑම් කර මේ සිද්ධිය යට ගැසීමට තැත් කරන බව SL News Web වෙත තොරතුරු ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිය සැමටම එක ලෙස යන්න නීති පොත් වලට සීමා වෙයිද ?

12,567 Viewers

No comments