Header Ads

test

පල් හොරු සමග රට පෙරට


මහින්ද රාජපක්ෂ කල්ලියේ ප්‍රධාන කෙරුමෙක් වන ප්‍රසන්න රණතුංග ගේ සුදු පිරුවට පසු ගිය දිනක කොළඹ මහාධිකරණය තුල දී විවර විය. ශ්‍රී ලංකා ටෙක්නොලොජිස් ආයතනයේ විධායක අධ්‍යක්ෂක වන ක්‍රිස්ටියන් මෙන්ඩිස් හට තර්ජනය කරමින් , ප්‍රසන්න රණතුංග ගේ ඇඹේනිය වන මොරින් ස්ටෙලා ගේ නමට රුපියල් මිලියන 64 ක් ලබා ගෙන ඇත. එම මුදල ගෙවීමට සිදු වුයේ තමාගේ පවුලේ අයට ප්‍රසන්න රණතුංග වැනි "බලගතු "පුද්ගලයෙකු අතින් හිරිහැර සිදුවේයැයි බියෙන් බව ඔහු විනිසුරන් ඉදිරියේ සාක්ෂි ලබා දුන්නේය. මැර දේශපාලනයේ ගෝඩ් ෆාදර් ගේ සෙවනේ වැජඹුණු සමයේදී ප්‍රසන්න රණතුංග වැනි තක්කඩියන් මේ රටේ ජනතාව බිය වද්දමින් කෝටිගණන් මුදල් කොල්ල කා ඇත. මේ හෙළි වුයේ ඉන් දශමයක තොරතුරක් පමණි.

5,887 Viewers

No comments