Header Ads

test

අගමැති රනිල්ගෙන් සබීතාගේ සැමියාට තවත් තෑග්ගක්


රාජ්‍ය නිළධාරීන් සඳහා නිල නිවාස 42ක් ඉදි කිරීමට අති විශාල සම්පත් නාස්ති කිරීමක් හා මූල්‍ය අපරාධයක් කොන්ත්‍රාත්කාර ඩී.ජේ. ඉදිකිරීම් සමාගම විසින් සිදු කරන බවට තොරතුරු හෙළි වී තිබේ.

කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ, අංක 04 දරන ස්ථානයේ මෙම ඉදිකිරීම් සිදු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ ප්‍රකට නිළියක වන සබීතා පෙරේරාගේ මහත්මියගේ සැමියාට වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සමීපතමයෙකු වන ඩී. පී. ජයසිංහ යන අයගේ ඩී.ජේ. නම් කොන්ත්‍රාත් සමාගමටය.

රූඩ් දෙකයි, පර්චස් 32.28ක් වූ භූමියක් මේ සඳහා ලබා දී ඇති අතර මේ වනවිට එහි කොන්ක්‍රීට් ෆයිල් 98ක් බස්වමින් ඉදිකිරීම් ආරම්භ කර තිබේ.

මෙතරම් විශාල ෆයිල් බැස්සවීම සිදු කිරීම බලවත් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බවද අනාවරණය වේ.

ඉදිකිරීම් භාර දී තිබෙන ඩී.ජේ. සමාගමට අයත් බත්තරමුල්ලේ පිහිටි එම නමින් තිබෙන  ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලී පිට ලබාගෙන ඇති අතර මාසයකට ඒ සඳහා රුපියල් ලක්ෂ 255ක කුළියක් ගෙවීම තුළින් විශාල මූල්‍ය අපරාධයක් සිදු කර තිබේ. එම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලියට ලබාගැනීමේ අමාත්‍ය මණ්ඩල සංදේශයද යොමු කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මුළු රටම දුමින්ද දිසානායක මහතාට ඇගිල්ල දිගු කලද මෙම ගනුදෙනුව පිටුපස සිටින්නේ වර්තමාන අගමැතිවරයාය. නිලි සබිතාගේ සැමියාට මෙවන් අධික මිලැති කොන්ත්‍රාත් ලබා දෙනු ලබන්නේ ඔහු පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් අගමැති රනිල්ට වියදම් එක පුද්ගලයෙක් බැවින්ය. අනිත් අයුරින් දුමින්ද දිසානායක අමාත්‍යවරයා සියළු ප්‍රහාර දරාගෙන සිටින්නේ අගමැති රනිල්ගේ කීමට ඩී.පී. ජයසිංහ මහතා විසින් 15% කොමිස් මුදලක් ලැබෙන නිසාවෙන් බව අප වෙත තොරතුරු ලැබී ඇත.

මෙසේ චෝදනා තිබියදී, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳව බලවත් ගැටලු මතු වී ඇති බව හෙළි වේ.

23,223 Viewers

No comments