Header Ads

test

ඉතුරු වෙන්නේ සිංහලයො විතරද ?


මහනුවරට පැමිණි මානව විද්‍යාඥයෙකු වූ සුද්දා වට පිට බැලිය . ඔහුට එක්වරම පෙනුනේ ගිනිගන්නා කඩ සාප්පුය. 

" මොකද අර වෙලා තියෙන්නේ " ඔහු ළඟ සිටි සිංහලයෙකු ගෙන් ඇහුවා .
සිංහලයා හිනා වුනේය .." අපි තම්බි කඩ ගිනිතියනවා බොස් " 

" මාරයිනේ ..ඔක්කොම කඩ ගිනිතියල ඊට පස්සේ මොකද කරන්නේ " සුද්දා ඇහුවා 
" ඊට පස්සේ ඔක්කොම තම්බින්ට කියනවා මේක සිංහල අපේ රට. තොපි පලයව් අරාබියට කියලා " 

සුද්දා මුකුත් නොකියාම හිස වැනුවේය 

" මුස්ලිම් ඔක්කොම ඔහෙලා කිව්වාම අරාබියට ගියාම ඉතුරු වෙන්නේ සිංහලයෝ විතරද "

"නෑ නෑ පර දෙමලුත් ඉන්නවනේ තාම රටේ " 

"එතකොට ඒ ගොල්ලෝ " කියමින් සුද්ද සිංහලයගෙන් ප්‍රශ්න කළා 
" උන්ටත් කියනවා මේක සිංහල රට , තොපි පලයව් තමිල්නාඩුවට කියලා " 
" එතකොට ඉතුරු වෙන්නේ සිංහලයෝ විතරද " 

" නෑ නෑ ලන්සිත් ඉන්නවනේ . උන් නම් ඉතින් බාග සුද්දෝ , ඔහේ හිටියත් කමක් නෑ තමයි . එත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි නිසා උන්ටත් යන්න කියනවා " 
" ඊට පස්සේ ඉතුරු වෙන්නේ සිංහලයෝ විතරද " 

" නෑ හලෝ ...මේකේ අපි නොදන්නා ජාති 29 ක් ඉන්නවලුනේ. වැද්දොන්ගේ ඉඳන් උන් ආපු අපු රටවල් වලට පටවන්න කටුනායකට අරන් යනවා. " 

" එක හරියන වැඩක් නෙමේ. " සුද්ද කියා සිටියේය. " වැද්දෝ ඉතින් ප්ලේන් වලින් යන දිහාවකින් ආවේ නෑනේ. මේක උන්ගෙත් රටනේ " 

"මළ ඉලව්වයි එකට මොකද කරන්නේ " හිතමින් සිංහලයා ඔලු කසන්නට උනා 
" හරි උන් තියාගන්නවා කියනවා ජාතිය වෙනස් කරල සිංහල උනොත් " 

" ඉතින් ඊට පස්සේ සිංහලයෝ ටික හොඳින් ජීවත් වෙනවද ?" සුද්ද යලිත් ඇහුවා 

" රෙද්ද තමයි " 

" ඇයි කතෝලික , ක්‍රිස්තියානි කාරයෝ ටික. උනුත් එලවන්න ඕනි . " 

"උන් කොහේ යන්නද "

" ඕන මගුලක යන්න කියනවා. රෝමෙට , පෘතුගාලට, එංගලන්තයට , ඕලන්දෙට ..ඔය තියෙන්නේ උන්ට යන්න තැන් . මේක බුදුන්ගේ දේශය " සිංහලයා එක හුස්මට කිවේය 

" අන්තිමේ සිංහල බෞද්ධයන්ට සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි නේද ? " සුද්ද ඇහුවා 
" ඔහෙට පිස්සුද ? සිංහල බෞද්ධ කියල අපට පුලුවන්ද අඩු කුලේ හැත්ත එක්ක ඉන්න ". 
" සිංහල බෞද්ධ ගොවිගම නොවන හැත්ත බුරුත්තම එලවල පාරිශුද්ධ දේශයක් කරලයි අපි පස්ස බලන්නේ " 

" ඊට පස්සේ නම් හරි යයි නේද ? "

" එහෙමත්ම නෑ.." සිංහලයා කනස්සල්ලෙන් කිවේය " අපිට ටිකක් මහන්සි වෙන්න වෙනවා විජය කුමාරයා එක්ක ආව 700 න් පැවත ගෙන එන උන් හොයාගන්න. මොකද අනිත් උන් ඔක්කොම හොර සිංහලයොනේ ...

" විජය කියන්නේ සිංහබාහුගෙයි සිංහ සීවලිගෙයි පුතානේ. ඒ දෙන්නා සිංහයෙක් ගේ නේද ? " 

සිංහලය උජාරුවෙන් " ඔව් ඔව් " කිව්වා . " අපිට ඕනි හරියටම සිංහයාගෙන් පැවත එන සිංහ ලේ තියෙන සිංහලයෝ ටික විතරයි මේ සිංහල රටේ ඉතුරු කරගන්න ." 

කට පියාගෙන ඉන්නේ නැතුව සුද්ද මෙහෙම කිව්වා " වැඩේ තියෙන්නේ සිංහයා කියන්නේ තිරිසනෙක් නේ හලෝ " 

" අඩෝ පර සුද්දා..අධිරාජ්ජ වාදී කුමන්ත්‍රණ කාරයා ..රෝන්ග් ටෝක් දෙන්න ලැස්ති වෙන්න එපා හරිද ? අපි මේ ටයි කෝට් දාගෙන හැඳි ගෑරුප්පු වලින් කකා ඉංගිරිසියෙන් කතා කරද්දී තොපි හදන්නේ අපි තිරිසන්නු කරන්නද ..කාලකන්නි ..!!

සුද්දා හිස පාත් කරගෙනෙ එය ආස සිට නැවත මෙන්න මෙහෙම ඇහුවා 

" තරහ වෙන්න එපා හැබැයි ..ඉන්දියාවට යවන්න ඕනි තව කට්ටියක් මේ රටේ ඉන්නවා මෙයේ හිතේ .." ඒ අසු සිංහලයා සුද්දගේ දෙවුරෙන් අල්ලලා හොල්ලල මෙහෙම ඇහුව
"ඒ කව්ද මචං " 

" ඇයි බෞද්ධයෝ ..බුද්ධාගමත් ගෙනාවේ ඉන්දියාවෙන් ආපු මිහිඳු හාමුදුරුවෝ නේද ? "

3,456 Viewers

No comments