Header Ads

test

ජාති, ආගම් කොටවා තම පටු දේශපාලන අරමුණු ඉටු කර ගන්නා රත්වත්තේලා


2001 මහා මැතිවරණය ආරම්භ වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පාලන සමයේදීය . එවකට ආරක්ෂක ඇමතිවරිය වුයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක වුවද, එහි බලතල අසීමාන්තිකව දරමින් පාලනය කරනු ලැබුවේ ඇයගේ මාමණ්ඩිය වූ අනුරුද්ධ රත්වත්තේ විසිනි. එම මැතිවරණය කෙතරම් අශීලාචාර ලෙස පවත්වුවාද යන්න රටට අනාවරණය වූ සිදුවීම් සමුදායක් මෙරටින් වාර්තා විය. කුරුනෑගල ප්‍රදේශයේදී කාන්තාවන් නිරුවත් කල අවස්ථාවන්ද වාර්තා වූ අතර, ඉතාමත්ම අවසානාවන්ත සිදුවීම වාර්තා වුයේ මහනුවර උඩතලවින්නේදී මැතිවරණය නිමවීමට පැයකට පෙරදීය. රාජපක්ෂ පුත්‍රයින්, මෙන්ම එවකට සිටි මැති ඇමෙතිවරුන්ගේ තකතීරු පුත්‍රයින්ද ගිනි අවි හා ගිනි කෙලි වලට සුප්‍රසිද්ධව සිටියේය. අනුරුද්ධ රත්වත්තේ ගේ පුත්‍රයා වූ ලොහාන් රත්වත්තේද එදා තම පියාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම දායකත්වය සපයනු ලැබුවේ පුර්ණ මිලිටරි සහය මතය. ටී 56 , AK 47 වැනි ස්වංක්‍රීය අවි ඔසවා එදා මහනුවර මැතිවරණය සඳහා ඔහුගේ මුලිකත්වයෙන් දැවැන්ත මෙහෙයුමක් දියත් වූ අතර, තම ප්‍රතිවාදීන්ට එදින දවස පුරාම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවලදී මරණ තර්ජන කර තිබුණි. 

රත්වත්තේව ලවා මින් බලාපොරොත්තු වුයේ තම අපකීර්තිමත් ඉතිහාසය මැරබලයෙන් යට කර දමා කෙසේ හෝ මැතිවරණය ජය ගැනීමය. මහනුවර දිස්ත්‍රිකයේ ද සැලකිව යුතු මුස්ලිම් ජනගහනයක් වසන අතර, ඔවුන්ගේ දේශපාලන කැමැත්ත හිමිව තිබුනේ රාවුෆ් හකීම් නායකත්වය දරන මුස්ලිම් කොන්ග්‍රසයටය. එම මැතිවරණයේදී මුස්ලිම් කොන්ග්‍රසයේ සහය හිමිව තිබුනේ එක්සත් ජාතික පක්ෂයටය. මෙම හේතුන් පදනම් කරගෙන ලොහාන් රත්වත්තේ ඇතුළු මිලිටරි මැර බලය මෙම පිරිස් ඉලක්ක කරගෙන දඩයම ආරම්භ වූ අතර , එයට චන්ද්‍රිකා රජයද පුර්ණ ආරක්ෂාව හා සහය පිරිනමා තිබුණි.


2001 මහා මැතිවරණ දිනවලදී මහයියාවේ පිහිටි රත්වත්තේ වලව්වට අනුයුක්තව කුරුනෑගල බෝයගනේ පිහිටි විජයාබා රෙජිමෙන්තුවේ භටයින් 28 දෙනෙකු ආරක්ෂාවට යයි කියා රඳවා තිබුණි. නමුත් පසුව හෙළි වූ කරුණු වලට අනුව මෙම භට පිරිස් අනුරුද්ධ රත්වත්තේ ගේ මැතිවරණ කටයුතු සඳහා ලොහාන් රත්වත්තේ හා චානුක රත්වත්තේ සමග යොදවා ප්‍රදේශයේ විවිධ අපරාධයන්ට හවුල් වූ බව අනාවරණය විය. එම මැතිවරණ දිනයේ මහනුවර උඩතලවින්නේ දී මේ රටේ පුරවැසියන් වන මුස්ලිම් තරුණයින් 10 දෙදෙනකු වෙඩි තබා මරා දැමීමට සම්පුර්ණයෙන් වගකිව යුතු වුයේද ඔවුන්ය. එම නඩු විභාගය සඳහා හමුදා භටයින් 28 දෙනෙකු හා රත්වත්තේ මාර පුත්‍රයින් ඉදිරිපත් කළේය. ජාතිවාදයෙන් මෙන්ම බලකාමයෙන් අන්ධ වූ හාමුවරුන් වන රත්වත්තේ ලා , අදටත් එම වෛරය සමාජ ගත කරනු පෙනේ. එදා මෙම අපරාධකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මේ රටේ අමන නීතිය හා දේශපාලන බලය උදව් නොවුනි නම්, අද මහනුවර දිස්ත්‍රික්කය ගිනි ලන එම බලවේගය ජීවිතාන්තය දක්වා කොහේ හෝ සිරගෙයක සිටිනු ඇත. මේ රටේ පුරවැසියන් සාහසික අන්දමින් ඝාතනය කර , අදටත් එම ප්‍රදේශවල දේශපාලන බලය ලබා ගැනීමට සමාජය මත භීෂණය වපුරවමින් තම නායකයින්ගේ පටු දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කරගැනීම උදෙසා ජාතිවාදය වපුරන ආකාරයක් දැකිය හැක . ජනතාව අමු අමුවේ ඝාතනය කල කිසිවෙකුට , නීතියේ සාධාරනත්වය හිමි නොවීමේ අනිශංස දැන් සමස්ත ජන සමාජයම සමසේ භක්ති විඳිමින් සිටි ...එදා මෙලෙසා ජනයා ඝාතනය කරන විට කිසිදු බලවේගයක් වීදි බැස පොලු මුගුරු එසවූයේ නැත. මේ රටේ පාදඩ දේශපාලන බලය විසින් මරා දමන සිංහල දමිල මුස්ලිම් ජනයා වෙනුවෙන් කතා කරන එකම දේශප්‍රේමියෙකු හෝ සොයාගැනීම කළු නික සොයනවාට වඩා අසීරුය.

9,229 Viewers

No comments