Header Ads

test

ගෝඨාගේ අණට වැලිකඩ රැඳවියන් 27ක් මරපු රංගජීව සහ එමිල් රංජන් අත්අඩංගුවට


වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව මහතා මාර්තු 28 වන දින පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. ඉන් අනතුරුව මාර්තු 29 වනදින මෙම ඝාතන වලට අනුබල දුන් තවත් සැකකරුවෙක් වන බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන එමිල් රන්ජන් ලමාහේවා යන අයවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් දෙදෙනාම මාර්තු 29 වන දින අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේ සාක්ෂි දුන් පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බව අනාවරණය වී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිද්ධියේදී රංගජීව විසින් රැඳෙවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවට කොමිසම හමුවේ සාක්ෂි දුන් පිරිස ප්‍රකාශ කර ඇති අතර එය පරීක්ෂණවලදී ද තහවුරු වී තිබේ. පසුව ඔවුන් තිදෙනාගේ මළසිරුරු හමු වූ අතර ඔවුන් තිදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ අනුව සෘජුව රංගජීවට නඩු පැවරිය හැකිය. මෙම වැලිකඩ රැදවියන් 27 දෙනාගේ ඝාතනය සදහා බන්ධනාගාරයෙන් සියළු පහසුකම් සපයමින් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන එමිල් රන්ජන් ලමාහේවා විසින් රැදවියන් ඝාතනයට පුර්ණ සහය ලබා දී ඇත.

12,558 Viewers

No comments